ආසියානු කනිෂ්ඨ කරාතේ තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිල මවුබිමට

  👤  3953 readers have read this article !
By mawbima 2018-05-21

ජපානයේ ඔකිනාවාහිදී පැවැති 17 වැනි ආසියානු කනිෂ්ඨ කරාතේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ විහඟි ශෂෙන්කා වයස අවුරුදු 16-17 වයස් කාණ්ඩයේ බාලිකා කාතා කරාතේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. තවද තුලානි තෙසන්‍යා පෙරේරා, ඉමාෂා දුලන්ජලී සහ එල්.කේ.එම්.සී. සංජනා යන කණ්ඩායම වයස අවුරුදු 14-17 වයස් කාණ්ඩයේ බාලිකා කාතා කරාතේ කණ්ඩායම් තරගයේ ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් විය. එම ක්‍රීඩාකාවන් කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon