අවදානම දැඩි වෙයි

  👤  4257 readers have read this article !
By mawbima 2018-05-21

 

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනට ඇදහැලෙන වර්ෂාපතනයෙහි  කිසියම් වර්ධනයක් ඉදිරි දින කිහිපය තුළ ඇතිවුවහොත් ගංවතුර සහ නායයෑමේ අවදානමක් ඇතිවිය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි 'මව්බිම'ට පැවැසුවේ විශේෂයෙන් ගංගා දෙපස ජීවත්වන ජනතාව සහ නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල ජනතාව මෙම කාල සීමාවේ දැඩි විමසිල්ලකින් සිටිය යුතු බවයි.


ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකදී නිවෙස්වලින් ඉවත්වීම සඳහා ජනතාව සූදානමින් සිටිය යුතු බවත් ඔප්පු තිරප්පු වැදගත් ලියකියවිලි සහ වටිනා දෑ සහිතව ආපදා මල්ලක් සූදානම් කර ගන්නා ලෙසටද කොඩිප්පිලි මහතා දැනුම්දීමක්ද කරයි. 


නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල පොළොව ඉදිතැලීම්, දියඋල්පත් මතුවීම් ආදී ලක්ෂණ ගැන දැඩි අවදානමෙන් පසුවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, නුවරඑළිය,  බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාවට නායයෑම් සම්බන්ධයෙන් විශේෂයෙන් විමසිලිමත් වන ලෙසට දැනුම් දෙන ඔහු තවදුරටත් පැවැසුවේ ලක්ෂපාන වාන් ‍ෙදාරටු 2ක්, දැදුරු ඔයේ වාන් ‍ෙදාරටු හතරක්, උඩවලව ජලාශයේ එක් වාන් ‍ෙදාරටුවක් සහ කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් ‍ෙදාරටුවක් ඊයේ (20දා) දිනයේදී විවෘත කළ බවයි.


මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේදීත් මිලිමීටර් 150 ඉක්ම  වූ තද වැසි සබරගමුව, බස්නාහිර, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ඇති වන බවයි.ඊට අමතරව අද මධ්‍යම, උෟව පළාත් සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු වන බවද එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේය.


එමෙන්ම මධ්‍යම කඳුකරයේ පවතින අධික මීදුම් තත්ත්වය නිසා බොහෝ මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන දැඩි අවධානයෙන් රිය පදවන ලෙසටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ට දැනුම් දෙයි. 


එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි හෙයින් ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

 
එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේදී (20දා) රිය අනතුරු 5ක්ද, කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරු දෙකක්ද සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.


ඒ නිසා අධිවේගී මාර්ග භාවිත කරමින් වාහන ධාවනය කිරීමේදී උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක සීමාවක් පවත්වාගෙන යන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. 


එමෙන්ම ඇදහැලෙන වැසි සමඟ ගිංගඟ, කළු ගඟ, අත්තනගලුඔය යන ජලාශවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින් අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි. ඊට අමතරව අධික වර්ෂාපතනය හේතුවෙන් පොල්පිටියේ සිට අතුරුගිරිය දක්වා වූ සම්ප්‍රේෂණ මාර්ගයේ සිදු වූ විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල, රඹුක්කන සහ තුල්හිරිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වීමක් ඊයේ සිදු විය. 


මේ අතර වැලිකන්ද 'එෆ් - 5' ඇළ ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේදී ගසක අත්තක් කඩාවැටීමෙන් කාන්තාවන් මිය ගොස් තිබේ.


හදිසි ආපදා තත්ත්වයට මුහුණදීමට ත්‍රිවිධ හමුදාව සූදානම්-යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකචාමර අමරසූරිය


පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබේ. මේ වනවිටත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට හඳුනාගෙන තිබෙන ගාල්ල, මාතර, කළුතර ආදී දිස්ත්‍රික්කවල හමුදා භට පිරිස් සීරුවෙන් තබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා “මව්බිම” කළ විමසුමකදී පැවැසීය. කාලගුණ විද්‍යා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ දැනුම්දීම්වලට අනුව නාවික හමුදා භට පිරිස් සහ බෝට්ටු හඳුනාගත් ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේය. එසේම “මව්බිම” කළ විමසුමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ රත්මලාන සහ හිඟුරක්ගොඩ කඳවුරුවල හෙලිකොප්ටර්ද හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් කර ඇති බවය.


භාවනා මධ්‍යස්ථානයට අකුණක් වැදී තෙරණියක් අපවත් වෙතිකොළඹ - එම්. සී. පෙරේරා


අධික වර්ෂාවත් සමඟ හොරණ හෑගල්ලවත්ත ආධ්‍යාත්මික සෞඛ්‍ය භාවනා මධ්‍යස්ථානයට ඊයේ (20දා) සවස අකුණු සැර වැදීමකින් එහි සිටි හැට දෙහැවිරිදි මෙහෙණින් වහන්සේ නමක් අපවත්වී තවත් දසසිල් මාතාවක් රෝහල් ගත කොට ඇතැයි හොරණ පොලිසිය පවසයි. 


මෙම අනතුරින් අපවත් වී ඇත්තේ වැලිකල මුදිතා මෙහෙණින් වහන්සේය.අනතුර වන අවස්ථාවේ ධර්මශාලාව තුළ ගිහියකු ඇතුළු දසසිල් මාතාවන් සිවු දෙනකු සිට ඇති අතර අනෙක් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි.අපවත් වූ මෑණියන්ගේ සිරුරේ තැන් තැන්වල සීරීම් තුවාල දක්නට ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
අකුණු සැර වැදීමෙන් ධර්මශාලාවට කිසිදු දේපළ අලාභයක් සිදුවී නැති බවද පොලිසිය කියයි.


හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත  පරීක්ෂණ පැවැත්වේ.නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනට ඇදහැලෙන වර්ෂාපතනයෙහි කිසියම් වර්ධනයක් ඉදිරි දින කිහිපය තුළ ඇතිවුවහොත් ගංවතුර සහ නායයෑමේ අවදානමක් ඇතිවිය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි 'මව්බිම'ට පැවැසුවේ විශේෂයෙන් ගංගා දෙපස ජීවත්වන ජනතාව සහ නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල ජනතාව මෙම කාල සීමාවේ දැඩි විමසිල්ලකින් සිටිය යුතු බවයි.

 

ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකදී නිවෙස්වලින් ඉවත්වීම සඳහා ජනතාව සූදානමින් සිටිය යුතු බවත් ඔප්පු තිරප්පු වැදගත් ලියකියවිලි සහ වටිනා දෑ සහිතව ආපදා මල්ලක් සූදානම් කර ගන්නා ලෙසටද කොඩිප්පිලි මහතා දැනුම්දීමක්ද කරයි.

නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල පොළොව ඉදිතැලීම්, දියඋල්පත් මතුවීම් ආදී ලක්ෂණ ගැන දැඩි අවදානමෙන් පසුවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාවට නායයෑම් සම්බන්ධයෙන් විශේෂයෙන් විමසිලිමත් වන ලෙසට දැනුම් දෙන ඔහු තවදුරටත් පැවැසුවේ ලක්ෂපාන වාන් ‍ෙදාරටු 2ක්, දැදුරු ඔයේ වාන් ‍ෙදාරටු හතරක්, උඩවලව ජලාශයේ එක් වාන් ‍ෙදාරටුවක් සහ කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් ‍ෙදාරටුවක් ඊයේ (20දා) දිනයේදී විවෘත කළ බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේදීත් මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි සබරගමුව, බස්නාහිර, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ඇති වන බවයි.
ඊට අමතරව අද මධ්‍යම, උෟව පළාත් සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු වන බවද එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේය.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ පවතින අධික මීදුම් තත්ත්වය නිසා බොහෝ මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන දැඩි අවධානයෙන් රිය පදවන ලෙසටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ට දැනුම් දෙයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි හෙයින් ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේදී (20දා) රිය අනතුරු 5ක්ද, කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරු දෙකක්ද සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

ඒ නිසා අධිවේගී මාර්ග භාවිත කරමින් වාහන ධාවනය කිරීමේදී උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක සීමාවක් පවත්වාගෙන යන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ඇදහැලෙන වැසි සමඟ ගිංගඟ, කළු ගඟ, අත්තනගලුඔය යන ජලාශවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින් අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි. ඊට අමතරව අධික වර්ෂාපතනය හේතුවෙන් පොල්පිටියේ සිට අතුරුගිරිය දක්වා වූ සම්ප්‍රේෂණ මාර්ගයේ සිදු වූ විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල, රඹුක්කන සහ තුල්හිරිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වීමක් ඊයේ සිදු විය.

මේ අතර වැලිකන්ද 'එෆ් - 5' ඇළ ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේදී ගසක අත්තක් කඩාවැටීමෙන් කාන්තාවන් මිය ගොස් තිබේ.

හදිසි ආපදා තත්ත්වයට මුහුණදීමට ත්‍රිවිධ හමුදාව සූදානම්
-යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක
චාමර අමරසූරිය

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබේ.
මේ වනවිටත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට හඳුනාගෙන තිබෙන ගාල්ල, මාතර, කළුතර ආදී දිස්ත්‍රික්කවල හමුදා භට පිරිස් සීරුවෙන් තබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා "මව්බිම" කළ විමසුමකදී පැවැසීය.
කාලගුණ විද්‍යා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ දැනුම්දීම්වලට අනුව නාවික හමුදා භට පිරිස් සහ බෝට්ටු හඳුනාගත් ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේය.
එසේම "මව්බිම" කළ විමසුමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ රත්මලාන සහ හිඟුරක්ගොඩ කඳවුරුවල හෙලිකොප්ටර්ද හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් කර ඇති බවය.

භාවනා මධ්‍යස්ථානයට අකුණක් වැදී තෙරණියක් අපවත් වෙති
කොළඹ - එම්. සී. පෙරේරා

අධික වර්ෂාවත් සමඟ හොරණ හෑගල්ලවත්ත ආධ්‍යාත්මික සෞඛ්‍ය භාවනා මධ්‍යස්ථානයට ඊයේ (20දා) සවස අකුණු සැර වැදීමකින් එහි සිටි හැට දෙහැවිරිදි මෙහෙණින් වහන්සේ නමක් අපවත්වී තවත් දසසිල් මාතාවක් රෝහල් ගත කොට ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙම අනතුරින් අපවත් වී ඇත්තේ වැලිකල මුදිතා මෙහෙණින් වහන්සේය.
අනතුර වන අවස්ථාවේ ධර්මශාලාව තුළ ගිහියකු ඇතුළු දසසිල් මාතාවන් සිවු දෙනකු සිට ඇති අතර අනෙක් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි.
අපවත් වූ මෑණියන්ගේ සිරුරේ තැන් තැන්වල සීරීම් තුවාල දක්නට ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

අකුණු සැර වැදීමෙන් ධර්මශාලාවට කිසිදු දේපළ අලාභයක් සිදුවී නැති බවද පොලිසිය කියයි.

හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon