එජාපය මට පහර ගහනවා

  👤  4141 readers have read this article !
By mawbima 2018-05-21

එක්සත් ජාතික පක්ෂයෙන් තමාට යම් යම් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති බවත්, රට වෙනුවෙන් තමා ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා පසුගිය 18 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම 16 දෙනා ගැන තමාට විශ්වාසයක් තිබෙන බවත් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා 16 දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති රටට නොගැළපෙන ආකාරය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

රණවිරුවන්ට අපහාස වන ආකාරයෙන් සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 16 කණ්ඩායමේ ප්‍රබල විරෝධය මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කොට ඇත.

මීට හොඳ පිළිතුරක් ලබාදෙන ලෙස 16 කණ්ඩායමේ නියෝජිතයන් මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

මේ ආණ්ඩුව පෙරළීම සඳහා තම කණ්ඩායම කටයුතු කරන බවත් මේ ගැන සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බවත්, මෙම කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

ජුනි 03 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon