කෝටි 2කට වැඩි රන් බිස්කට් 40ක් ගෙනා ඉන්දීය ජාතිකයා කටුනායකදී රේගු දැලේ

  👤  1624 readers have read this article !
By mawbima 2018-05-21

කටුනායක - ගයා තිරිමාදුර


රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 40ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියකු පෙරේදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොහු 54 හැවිරිදි ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකි.
ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවල සහ එහි වූ මුදල් පසුම්බියේ ග්‍රෑම් 100 බැගින් වූ රන් බිස්කට් 40ක් සඟවා ගෙන තිබී ඇත. එම රන් බිස්කට්වල මුළු බර කිලෝ ග්‍රෑම් 04ක් බව රේගුව ප්‍රකාශ කරයි.


මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරිවරුන් වන ආර්. එස්.කේ. සෙනෙවිරත්න. එස්. රවිකුමාරන් සහ එස්. රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි. ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් යන මහත්වරුන්ගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඊ.එම්.ජේ. නවරත්න සහ තිස්ස ප්‍රියන්ත ද සිල්වා යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon