ගොවියකුට ලියුමක් දෙන්න පන්දාහක අල්ලසක් ගත් මහවැලියේ කළමනාකරුවකුට වසර 05ක සිරදඬුවමක්

  👤  1060 readers have read this article !
By mawbima 2018-05-21

කේ.එස්. උදයකුමාර්


ගොවියකුට අවශ්‍ය කරන ලිපියක් නිකුත් කිරීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහවැලි අධිකාරියේ ගල්කිරියාගම ප්‍රදේශයේ හිටපු ඒකක කළමනාකාරවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 05ක සිර දඬුවම් නියම කරන ලදී.
ඊට අමතරව පැමිණිල්ල ඉදිරිපත් කළ අලුත්ගෙදර අබේකෝන් නමැත්තාට රුපියල් ලක්‍ෂ 02ක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර 02ක සිර දඬුවම් නියම කරන බව ද විනිසුරුවරයා දුන් තීන්දුවේ සඳහන් විය.


පැමිණිලිකරු කියා සිටින්නේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ලිපියක් ලබාදීම සඳහා වරදකරු කෙරුණු ගල්කිරියාගම ඒකක කළමනාකරු උපාලි දසනායක විසින් පැමිණිලිකරුගෙන් රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon