සිගරැට් කාටුන් 115ක් ගමන් මල්ලේ දාගෙන පැමිණි චීන්නු දෙන්නා මාට්ටු

  👤  1016 readers have read this article !
By mawbima 2018-05-21

කටුනායක - ගයා තිරිමාදුර


චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනකු පෙරේදා (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවැසීය.


මෙම චීන ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයකු 20 හැවිරිදි තරුණයෙකි. අනෙක් චීන ජාතිකයා 23 හැවිරිදි තරුණයෙකි.
මොවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ චීන ව්‍යාපෘතියක සේවය කරන්නන් බව රේගුව පවත්වන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
මොවුන් දෙදෙනා පෙරේදා අලුයම 5.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' (ට්පඥඥද ඛ්ඩචදඥත) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.


ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල චීන දුම්වැටි 23,000ක් අඩංගු දුම්වැටි කාටූන් 115ක් සඟවා ගෙන තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් 11,50,000ක් බව මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය.


මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරිවරුන් වන ආර්. එම්.ඒ. එල්. රත්නායක, එල්.එම්.බී.එස්. අබේගුණවර්ධන, පී.බී. අමරසිංහ, මලින්ද ජයසූරිය සහ එන්.එන්. තිලංග යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි.


කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විරාජ් විජේවර්ධන සහ නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම චීන ජාතිකයන් දෙදෙනාට අවවාද කර නිදහස් කිරීම පියවර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon