අධිකරණය හමුවේ පෙනී නොසිටි හමුදා මේජර්ට වරෙන්තු

  👤  979 readers have read this article !
By mawbima 2018-05-21

මිනුවන්ගොඩ - අතුකෝරල


ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුවට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටි යුද හමුදා මේජර්වරයාව අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වරෙන්තු නිකුත් කළේය.


එම නඩුවේ දෙවැනි සැකකරු වන බුලත්වත්ත වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත නමැති යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙසේ වරෙන්තු නිකුත් කෙරුණි.


ඇප මත සිටින එම නඩුවේ සෙසු සැකකරුවන් වන ප්‍රේම් ආනන්ද උදලාගම, හේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ඒ.එච්.ඒ ලසන්ත විමලවීර, එච්.එම්. නිශාන්ත ජයතිලක සහ එම්.ආර්. නිශාන්ත කුමාර යන සැකකාර හමුදා සාමාජිකයන් 06 දෙනා පසුගිය 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ජූලි මස 20 වැනිදාට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකරුවන්ට නියම කෙරුණි. 2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දින ගම්පහ ඉඹුල්ගොඩ දී ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සිදුකොට තිබිණි. නඩුව නැවත ජූලි 20 කැඳවීමට නියම කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon