මිලියන අටක මුදල් වංචාවේ අනුරුද්ධ පොල්ගම්පොළට ඇප

  👤  1033 readers have read this article !
By mawbima 2018-05-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන අටක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුව සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා කිලිනොච්චි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කිලිනොච්චි මහෙස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය.
අදාළ නඩුවට ඔහු පෙනී නොසිටීම නිසා කිලිනොච්චිය දිසා අධිකරණය මඟින් මීට පෙර ඔහුට වරෙන්තුවක් නිකුත් කොට තිබිණි.


නඩුව වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇප ලබා දීමට විරෝධතාව ප්‍රකාශ කළ අතර ඔහු නැවත ඇප කොන්දේසි කඩ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon