ටී.බී. 24දා FCIDය ට

  👤  542 readers have read this article !
By mawbima 2018-05-21

පසුගිය ආණ්ඩු සමයේදී තමා සංස්කෘතික කටයුතු ඇමැතිවරයාව සිටියදී අස්ගිරි මල්වතු උභය පාර්ශ්ව ඇතුළු විහාරස්ථානවල ආගමික උත්සව වෙනුවෙන් එම කටයුතු සඳහා කැබ් රථයක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම පිණිස FCID වෙත තමා කැඳවා තිබෙන බව ඒකනායක මහතා පවසයි.

ආගමික ස්ථානවල පින්කම් කටයුතු වෙනුවෙන් යම් යම් අවශ්‍යතා සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් විහාරස්ථානවල සේවා කටයුතු වෙනුවෙන් ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් වන්නේ කෙසේද කියා ඒ මහතා ප්‍රශ්න කරයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායමෙන් දේශපාලන වශයෙන් පළිගැනීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කර තිබෙන බවත් ඒ අනුව තමා මෙසේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා තිබෙන බවත් ඔහු 'මව්බිම'ට පැවැසීය.

තමන් මෙම ජාතික ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධුරය දරන විට FCID එකෙන් කිසිදු කැඳවීමක් නොලැබුණු බවත්, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ විගස අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් මෙම කැඳවීම සිදුකර තිබෙන්නේ දේශපාලන පළිගැනීමකට බවත් කෙතරම් පළිගැනීම් සිදුකළද වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙනයන මෙම අරගලය නතර නොකරන බවත්, ඒකනායක මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon