කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්

  👤  493 readers have read this article !
By mawbima 2018-05-21

කිතුල්ගල - තරින්ද රත්නායක, යටියන්තොට - සිත්නද පතිරගේ

පෙරේදා (19දා) මධ්‍යම රාත්‍රියේ සිට කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කැලණි ගඟේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

වර්ෂාව දිගින් දිගටම පැවැතුණහොත් කැලණි ගඟ ආශ්‍රිත පහළ ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා සහනසේවා අංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

වැස්ස වැඩිවේ නම් අවදානම් කලාප වශයෙන් හඳුනාගත් ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් මිලිමීටර් 100ට වැඩි වර්ෂාවක් පවතින්නේ නම් අවදානම් ප්‍රදේශවල නාය යෑමේ තත්ත්වයක් ඇතිවීමට හැකි නිසා පදිංචි ජනතාව ඉන් ඉවත් වී සුදුසු ආරක්ෂිත ස්ථාන කරා ළඟා විය යුතු බවත්ට එහි ජනතාව
දැනුවත් කර ඇති බවද යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ආර්.කේ. සමන් අනුර මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon