පාසල් රග්බි තරග සඳහා විනිසුරුවන් සහභාගි වනවාද? නැද්ද අවසන් තීරණයක් ගන්න ඇමැති අද මැදිහත් වෙයි

  👤  3807 readers have read this article !
By mawbima 2018-05-25

විචිත්‍ර වීරසිංහ

පාසල් රග්බි පිටියේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමක් හේතුවෙන් අන්තර පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉදිරි තරග සඳහා රග්බි විනිසුරුවරුන්ගේ සහභාගීත්වය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර ඇති අතර, මේ පිළිබඳව අවසන් සාකච්ඡාවක් අද (25දා) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, පාසල් රග්බි සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා අද (25දා) පවත්වනු ලබන මෙම සාකච්ඡාවේදී ඉදිරි පාසල් රග්බි තරග සම්බන්ධයෙන් මෙන්ම මෙතෙක් තාවකාලිකව නවතා ඇති අවුරුදු 19න් පහළ සිංගර් පාසල් රග්බි තරගාවලියේ ඉදිරි තරග සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ඇතැයි පැවැසේ.

කෙසේ වෙතත් පසුගියදා ඇති වූ එම සිදුවීම් පිළිබඳ සලකා බැලීමේදී ක්‍රීඩකයන් නීතිය අතට ගෙන ඇතැයි පෙනී යන බැවින් ද එම තත්ත්වය විනිසුරුවන්ට තර්ජනයක් වන බැවින්ද අමාත්‍යවරයා එබඳු තීරණයක් ගෙන තිබෙන බව දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon