ජාතික මේසපන්දු සංගමයත් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවයි

  👤  3855 readers have read this article !
By mawbima 2018-05-25

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සදහා නිලවරණ කමිටුවක් පත් කරගැනීමේ මූලික අරමුණ ඇතිව පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමක් අද (25දා) පැවැත්වීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය කටයුතු සංවිධානය කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද (25දා) සවස 2.00 සිට පැවැත්වෙන මෙම විශේෂ මහ සභා රැස්වීමේදී නිලවරණ කමිටුවක් තෝරා පත්කර ගැනීමට අමතරව වාර්ෂික මහ සභා රැස්වීම සඳහා දින නියමකර ගැනීමද සිදු කිරීමට නියමිත බවත් මෙම සංගමයේ පවතින ගැටලු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවත් එම සංගමයේ වැඩ බලන ලේකම් කසුන් විතාන මහතා 'මව්බිම'ට පැවැසීය.

ඒ අනුව ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට අනුබද්ධිත ක්‍රීඩා සමාජ 30 නියෝජනය කරමින් එක් ක්‍රීඩා සමාජයකින් නියෝජිතයන් දෙදෙනකුට මෙම විශේෂ මහ සභා රැස්වීම සඳහා සහභාගී විය හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon