ආපදාවලට මුහුණ දෙන්න ත්‍රිවිධ හමුදාව තවදුරටත් සීරුවෙන්

  👤  3864 readers have read this article !
By mawbima 2018-05-25

චාමර අමරසූරිය

පවතින අයහපත් කාලගුණය හමුවේ තවදුරටත් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ආපදාවක් ඇති විය හැකි ස්ථානවල සීරුවෙන් තබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ඊයේ (24දා) "මව්බිම"ට පැවැසීය.

කොළඹ, පුත්තලම, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල යුද හමුදා නිලධාරීන් 21 දෙනකු සහ සෙසු සෙබළුන් 502 දෙනකු සහ නාවික හමුදාවේ නිලධාරීන් 10 දෙනකු සහ නාවිකයන් 192ක් ස්ථාන ගත කර ඇති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ දිස්ත්‍රික්කවල යුද සහ නාවික හමුදා බෝට්ටු 61ක් හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා සූදානම් කර ඇතැයි ද හෙතෙම පැවැසීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සිය කඳවුරුවල හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා හෙලිකොප්ටර් සහ භටින් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon