දියගල මාර්ගය අවදානම් අඹගමුව ප්‍රාදේශීය සභාව අනතුරු අඟවයි

  👤  3923 readers have read this article !
By mawbima 2018-05-25

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල හරහා රථ වාහන ගමනාගමනයට අවදානම් බව අඹගමුව ප්‍රාදේශීය සභාව රියැදුරන්ට අනතුරු අඟවයි.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නාය යෑම් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට එම ස්ථානයේ එක් මංතීරුවක් පමණක් රථ වාහන ගමනාගමනයට විවෘත කර ඇත. තවදුරටත් දියගල ප්‍රදේශය නාය යෑමේ අවදානම් සහිත නිසා එම මාර්ගය මඟහැර විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරවන ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාව ගිනිගත්හේන නගර මධ්‍යයේ දැන්වීමක්ද ප්‍රදර්ශනය කරමින් සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon