නීලබැම්ම අමුණ වාන් දමයි

  👤  3801 readers have read this article !
By mawbima 2018-05-25

පුත්තලම - රෝෂරී පෙරේරා

කරුවලගස්වැව සාලියවැව නීලබැම්ම අමුණ වැඩි ජලධාරිතාවකින් වාන් දැමීමට පටන්ගෙන ඇති බව පුත්තලම වාරිමාර්ග ඉන්ජිනේරු දීලීප හෙට්ටිආරච්චි මහතා කියයි. රාජාංගණය ජලාශයේ වාන් ‍ෙදාරටු විවෘත කිරීමත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. කලාඔය හරස් කරමින් ඉදිකර ඇති නීල බැම්ම අමුණ නිරන්තරයෙන් වාන් දැමීම සිදුවෙමින් පවතින අතර දින කිහිපයක පටන් අමුණෙන් වැඩි ජල ප්‍රමාණයක් කලාඔයේ පහළ ප්‍රදේශයට ගලා බසී.

ජලාශය හරහා ඇති එළුවන්කුලම කොස්වේ පාලම යටවීමෙන් පුත්තලම - මන්නාරම් මාර්ගය වසා දැමීමට සිදුවී ඇත. ඉදිරි දින කිහිපය තුළ අධික වැසි පතිත වුවහොත් නීල බැම්ම ගොවි ජනපදයටද ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. කලාඔය හේතු කොට ගෙන තවමත් ගංවතුර තත්ත්වයක් ඇතිවී නොමැති බවත් අවධානයෙන් පසුවීම තුළින් හානි වළකා ගත හැකි බවත් ස්ථාන නිරීක්ෂණ සිදුකළ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon