ගෝඨාභයට භයවෙලා කට්ටිය එකතුවෙලා මඩ ගහනවා

  👤  4020 readers have read this article !
By mawbima 2018-05-25

එක්නැලිගොඩ පැහැරගත් හෝ ඝාතනය කළ හෝ සැකකරු වෙන කිසිවකු නොව මෙගා පොලිස් ඇමැති පාඨලී චම්පික බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (24දා) සමාජය හා සාමයික කේන්ද්‍රයේ "මවුබිම වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළා කියලා යුද හමුදාවේ තුන්වැනි බුද්ධි බළකායේ ගිරිතලේ කඳවුරේ අණ දෙන නිලධාරී ඇතුළු 7 දෙනෙක් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වෙලා දැන් ඇප මත නිදහස් වී ඉන්නවා.

ඔහු එවකට ජනාධිපතිට, ආණ්ඩුවට වගේම ඒ පවුලේ අය දරන තනතුරු ගැන පවුල් ගහක් කියලා කාටූන් එකක් ඇන්දා. ඒ ගැන පොතක් ලිව්වා. ඒ නිසා ඔහුව පැහැරගෙන මැරුවා. ඒක කළේ යුද හමුදා බුද්ධි අංශ ලවා කියලා චෝදනාවක් ගෙනාවා.
අද මංගලත් ඒකම කියනවා.

ඉතාම පැහැදිලියි එක්නැලිගොඩ කියලා මාධ්‍යවේදියෙක් හිටියෙ නෑ. අඩුගානෙ ඔහුට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පතක්වත් නැහැ. එක්නැලිගොඩ මොන පත්තරේටද ලියලා තියෙන්නේ. මොන ගුවන් විදුලියක මොන රූපවාහිනි නාළිකාවකද සේවය කළේ. මේ එකකවත් ඔහු සේවය කරලා නැහැ. හැබැයි ලංකා ඊ නිවුස් එකට වෙනත් නම්වලින් ලිපි පළ කළා කියලා නම් තොරතුරු තියෙනවා.

ඒ අනුව එදා එබඳු ලිපියක් පළවුණා දැන් ඉන්න මෙගා පොලිස් ඇමැති චම්පික රණවකගේ පෞද්ගලික ලිංගික ජීවිතය හෙළි දරව් කරමින්.
දවසක් හෙළ උරුමයේ කාර්යාලයට චම්පික එනවා. එනකොට උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා කියනවා චම්පික අයියේ ලංකා ඊ නිවුස්වල ඔයා ගැන ලිපියක් පළවෙලා කියලා. ලිපිය බලද්දී චම්පිකගෙ මුහුණෙ ස්වරූපය වෙනස් වන හැටි, චම්පික යකෙක් වෙනවා, රෞද්‍ර වෙනවා, කෘෘර බවක් පිළිබිඹු වෙනවා දැක්කා කියලා උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී අනාවරණය කළා. පස්සෙ චම්පික මේ තොරතුරු දුන්නෙ කවුද කියලා හොයාගන්නවා.

මේ ලිපියට තොරතුරු දුන්නේ එවකට ජාතික හෙළ උරුමයේ ඔහුත් එක්කම එකට වැඩ කරපු එක්තරා පුද්ගලයෙක්. ඒ සම්බන්ධ සියලු තොරතුරු හොයාගන්නවා. ඉන් අනතුරුව තමයි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වෙන්නේ.

ප්‍රගීත් වෙන කිසිම මාධ්‍යකින් ආණ්ඩුවට ගහලා නැහැ. ඇත්තටම පැහැරගන්න මාධ්‍යවේදීන් එදා හිටියා. ඉක්බාල් අතාස්, රාවය කර්තෘ වික්ටර් අයිවන්, සිරී රණසිංහ වගේ කතුවරු හිටියා. ඕන තරම් රෙදි ගැලවෙන්න ආණ්ඩුවට ගහපු මාධ්‍ය තිබුණා. ඒවට ගැහුවෙ නෑනේ. කාටූන් එකක් ඇඳපු එක්නැලිගොඩව පැහැරගත්තයි කියලා පිළිගන්න පුළුවන්ද..? සැබෑ හේතුව චම්පික රණවක විසින් ඔහුගේ අනුදැනුම ඇති කල්ලියක් තමයි මේක කළේ කියලා මම වගකීමෙන් කියනවා.

ඒ නිසා අපි මංගල ඇමැතිට කියනවා එක්නැලිගොඩගේ කතන්දරය දන්නෙ ඔබතුමාගෙම කැබිනට් එකේ ඉන්න චම්පික රණවක කියලා. චම්පික කරපු අපරාධවලට ගෝඨාභය හෝ වෙන කෙනෙක් අල්ලන්න එපා. අර බුද්ධි අංශ රණවිරුවන් පාවා දෙන්න එපා. චම්පිකට ආණ්ඩුව ආරක්ෂාවක් දෙනවා ඒකයි ඔහුව අත්අඩංගුවට අරගෙන නැත්තෙ.

ලසන්ත ඝාතනයටත් ගෝඨාව ගාවන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ මිග් යානා ගනුදෙනුව ගැන ලිව්ව නිසා කියලා. හැබැයි පසුකලෙක ලසන්තගෙ සහෝදරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානීට පැමිණිලි කරනවා තමන්ගේ සහෝදරයා මැරුවෙ සරත් ෆොන්සේකා කියලා.
ඒ විතරක් නෙවෙයි මේ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප. නායකයෝ එවකට විපක්ෂයේ හිටගෙන ලසන්තගෙ ඝාතනයට වගකිව යුත්තේ සරත් ෆොන්සේකා කියලා හැන්සාඩ්ගත වෙලා තියෙනවා.

ඒ වගේම කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් පැහැරගෙන ගිහින් පහර දුන්නෙත් සරත් ෆොන්සේකා කියලා පැහැදිලියි. මොකද කීත් නොයාර් සරත් ෆොන්සේකා දැඩි ලෙස විවේචනය කරපු ලිපියක් එවකට පළවුණා.

2008-05-22 ඔහුව පැහැරගනිද්දී 2008-05-11 ඔහු පළ කරපු ලිපිය අධිකරණයට පවා යොමුකරලා තියෙන්නේ. සරත් ෆොන්සේකා හමුදාව තමන්ගේ බූදලයක් කරගත් බවත් හිමිනැති උත්තම සේවා පදක්කම ගත්ත හැටිත් පළිගැනීම් කළ හැටිත් ඒ ලිපියේ සඳහන්.

කීත් නොයාර් ලියලා තියෙනවද ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව මොනව හරි. අවසානයේ අත්අඩංගුවට පත්වුණු රණවිරුවන්ට එරෙහිව ලියලා තියෙනවද..?

මෙවන් සාක්ෂි තිබියදීත් සී.අයි.ඩී.ය ගෝඨාට ඇඟිල්ල දික් කරනවා.

ඒ වගේම මංගල ඇමැති කියනවා ගෝඨාභය තමන්ගේ පියාගේ සොහොනෙන් හොරකං කරලා අත්අඩංගුවට ගන්න හොයද්දි කෝටි ගණන් නීතිඥයන්ට වියදම් කරලා අධිකරණයෙන් තහනම් නියෝගයක් අරන් ඉන්නවා කියලා. මේක ඩී.ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයත් අතර වෙළෙඳ ගිවිසුමක්. ගෙවිය යුතු මුදල දෙවතාවකින් ඩී.ඒ. රාජපක්ෂ පදනම ගෙවලා තියෙන්නේ. බිල් පවා සේරම තියෙනවා. එහෙම තිබිද්දි තමයි ආණ්ඩුව වෙනස් වුණාම විශාල මුදලක් වැය කළා කියලා කියන්නේ.

අද එ.ජා.පයේ මලික් සමරවික්‍රම වැනි ආර්ථික න්‍යායාචාර්යවරු කියනවා මේ වියත් මඟ දේශනය තුළ තියෙන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කියලා. ඔහු මේ රටේ යුද්ධය නැතිකරලා ත්‍රස්තවාදය මුලිනුපුටලා රටේ සියලු ජනතාවට භේදයකින් තොරව අභය දානය දුන්නු, ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. ඒ නිසයි ඔහු ගෝඨා අභය වෙන්නේ. හැබැයි මංගලලාට, මලික්ලට, අනුර කුමාරලාට ගෝඨා භයක් ඇතිවී තිබෙන්නේ.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon