2020 ජනාධිපතිවරණ කේක් එකේ අයිසින් ටික තමයි අපි 16 දෙනා

  👤  4020 readers have read this article !
By mawbima 2018-05-25

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත සංවිධානයක් හදා මීළඟ ජනාධිපතිවරණයේදී එ.ජා.ප.ය පරාජය කර ඔවුන්ගේම ආණ්ඩුවක් හදන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව විශාල ශක්තියක් වුණා යැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවැසීය.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ (24දා) කොළඹ 10 පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ සාකච්ඡාව තුළදී මතු කළ දේශපාලනික කාරණා අතරින් මූලික කාරණාවක් වුණේ පසුගිය පුංචි ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට පොදුජන පෙරමුණට වඩා දමිළ, මුස්ලිම් ජාතීන් වෙසෙන පළාත් පාලන කොට්ඨාසවල ඡන්ද ප්‍රමාණය වැඩි වීමයි.

මුලින්ම එන මැතිවරණය ජනාධිපතිවරණයක්. එහිදී අපිට සෑම ඡන්දයක්ම වටිනවා. ජනාධිපතිවරණයකදී අපි හදන්නේ අයිසින් කේක් එකක්. අයිසින් ටික තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මේ කණ්ඩායම තුළයි. ශ්‍රී ල.නි.ප.ය ඉදිරියට අරගෙන මීළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම යන කාරණයේදී මේ 16 කණ්ඩායමේ වැදගත්කම පිළිබඳව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අප සමඟ සාකච්ඡා කළා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව සිදුකරන උද්ඝෝෂණ ව්‍යාපාර තනිව සිදු කරන විට තනිව සහයෝගය දීමටත් ශ්‍රී ල.නි.ප.ය හා ඒකාබද්ධව සිදු කරන විට ඒ හා සම්බන්ධ වීමටත් අපි සාකච්ඡා කළා.

මේ අනුව හෙට (26දා) මේ ක්‍රියාදාමයේ මුල්ම වෙඩි මුරය පත්තු කරන්නේ මාතරින් නිදහසේ කණ්ඩායමේ පළමු සම්මන්ත්‍රණය හරහා. හැබැයි මෙයට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට, සම සමාජ පක්‍ෂයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අප ආරාධනා කළා. මේ එ.ජා.ප. විරෝධී ක්‍රියාදාමයේදී අපි වාසුදේව නානායක්කාර මහතාගේ පක්‍ෂය සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරවලටත් යනවා. මේ සියලුම දේවල්වලට මහින්ද රාජපක්‍ෂ මහතා කළ සාකච්ඡාව අපිට ලොකු ශක්තියක් වුණා. එතුමා අපිව ආදරෙන් පිළිඅරගෙන එ.ජා.ප. විරෝධී මේ ගමන යන්නට අපගේ දායකත්වය ලබාගෙන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒක මුළු රටම බලාගෙන හිටපු සාකච්ඡාවක්.

ඒකාබද්ධ විපක්‍ෂය කියන්නේ පක්‍ෂ ගණනාවක එකතුවක්. මේක තනි පක්‍ෂයක් නෙවෙයි. ඒ නිසා අපි ශ්‍රී ල.නි.ප.ය විදියට පක්‍ෂය ශක්තිමත් කරගනිමින් එ.ජා.ප.යට විරුද්ධව මහ සංවිධානයක් හදනවා.

විරුද්ධ පක්‍ෂයේ කණ්ඩායම හැටියට අපි කටයුතු කරන විට ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු පක්‍ෂවල එකමුතුව ශ්‍රී ල.නි.ප.යට එකතු කරගෙන තවත් පක්‍ෂ එකතු කරගැනීමේ කටයුත්ත සඳහා පාලමක් වීමට සූදානම්. පසුගිය දිනයක ඩිව් ගුණසේකර මැතිතුමා අපට හමුවෙලා සුබපතලා කිව්වා 'මේ කණ්ඩායමත් එක්ක එකට එකතුවෙලා වැඩ කිරීමේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ මතය සමහර කාරණාවලදී ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙක් පක්‍ෂවලට වඩා සමීප තැනක තිබෙන බව.'

නලිනිකා ලක්‍ෂානි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon