ගුද මාර්ගයෙන් එළියට ගත් රන් බිස්කට් සෙරෙප්පු අස්සේ සඟවන්න ගොස් මාට්ටු කතුන් දෙදෙනා රේගු අත්අඩංගුවට

  👤  3875 readers have read this article !
By mawbima 2018-05-25

කටුනායක - ගයා තිරිමාදුර

අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි රන් බිස්කට් තුනක්, එළියට ගැනීමෙන් අනතුරුව යළිත් රේගු නිලධාරීන්ගේ ඇස් වසා තමන් පැලඳ සිටි පාවහන් තුළ එම රන් බිස්කට් සඟවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණ කාන්තාවන් දෙදෙනා ඊයේ (24දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ, බොරැල්ල ප්‍රදේශයේත්, අනෙක් කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේත් පදිංචිකාරිනියන් බවත් ඔවුන් අවුරුදු 51 සහ 21 වයස්වල පසුවන්නියන් බවත් රේගුව පවසයි.

මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි සිටය.

මෙම කාන්තාවන් දෙදෙනා රුපියල් ලක්ෂ 23ක් වටිනා ග්‍රෑම් 350ක් පමණ බරකින් යුතු රන් බිස්කට් 3ක් සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.
සහකාර රේගු අධිකාරිවරුන් වන එච්.සී.එම්.පෙරේරා, එම්. ඩබ්ලිව්. යූ. ජයශංඛ, එම්.ඩී.එම්.සී. හේරත් සහ කේ.එච්.ඒ. අනුරුද්ධිකා යන නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon