නිවෙස තුළ පතරොම් 46ක් සොයා ගැනීමේ සිද්ධියේ ගම්පහ ව්‍යාපාරිකයාගේ බිරියට ඇප

  👤  3881 readers have read this article !
By mawbima 2018-05-25

මිනුවන්ගොඩ - අතුකෝරල

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර යන අයගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එම නිවෙසේ තිබියදී නයින් එම්.එම්. වර්ගයේ පතරොම් 46ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයට පත් කර ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔස්මන් ගුණසේකර යන අයගේ බිරියව රුපියල් 7,500ක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා පෙරේදා (23දා) නියම කළේය.

බී. උදේනි ධම්මිකා නමැත්තියව මෙසේ මුදල් සහ ශරීර ඇප මත මුදාහරින ලෙසට නියම කෙරිණි.

අධිකරණ නියෝග මත ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සැකකාරියව පරීක්ෂාවට ලක් කර ඇති බවත් සැකකාරියට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක එම්. සේනාරත්න මහතා අධිකරණයට හමුවේ පැවැසීය.

සැකකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා මෙසේ පැවැසීය.
සැකකාරියගේ සැමියා වන ඔස්මන් ගුණසේකර ව්‍යාපාරිකයෙක්. ඔහුට ව්‍යාපාර 6ක් තියෙනවා. සැකකාරියගේ සැමියා පාතාල නායකයකු ලෙසට ගම්පහ පොලිසිය හඳුන්වනු ලබනවා. මීට වසර ගණනාවකට පෙර සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාරියගේ සැමියාව අධිකරණයෙන් නි‍ෙදාස් කොට නිදහස් කර තිබෙනවා. සැකකාරියගේ සැමියා වන ඔස්මන් ගුණසේකර සම්බන්ධ පාතාල ක්‍රියාකාරකම් ඇත්නම් ඒ පිළිබඳ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට ගම්පහ පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා. එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා සැකකාරියගේ සැමියා සම්බන්ධයෙන් ජූලි මස 25 වැනිදාට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ගම්පහ පොලිසියට නියම කරනු ලැබීය. නඩුව එදිනට නැවත කැඳවීමට නියම වූ අතර තුසිත සෙනරත්, නලින් දිසානායක යන නීතිඥ මහත්වරු ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon