රට සිගරැට් කාටුන් 150ක් ගෙනා ගුවන් මගියා රේගු බාරයට

  👤  3887 readers have read this article !
By mawbima 2018-05-25

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු ඊයේ (24දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

සැකකරු කුවේට් සිට කුවේට් ගුවන් සේවයේ ගුවන් යානයකින් රුපියල් ලක්ෂ 15ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000ක් අඩංගු දුම්වැටි කාටුන් 150ක් තම ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරි ඒ.එන්. ජේම්ස් සහ සහකාර රේගු අධිකාරි ඒ.ඒ.ටී.සී.කේ. ගුණතිලක යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ ප්‍රසන්න කිරිවත්තුඩුව යන මහත්වරුන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර සැකකරුට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස දන්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon