බුද්ධදාස හේවගේ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානය වෙතින් නේවාසික ඉංග්‍රීසි පාඨමාලාවක්

  👤  3597 readers have read this article !
By mawbima 2018-05-27

1998දී ආරම්භ කළ මාසික නේවාසික ඉංග්‍රීසි පාඨමාලාව ලංකාවේ පළමු මාසික නේවාසික ඉංග්‍රීසි පාඨමාලාවයි.

සෑම මසකම පළමු වැනි සෙනසුරාදා අලුත් පන්තියක් ආරම්භ වන අතර පෙරවරු 4.00ට අවදි වන සිසුන් තේ බීමෙන් අනතුරුව පෙ.ව. 5.00 දක්වා පාඩම් කරන අතර පෙ.ව. 5.00ට ආරම්භ වන ඉගැන්වීමේ කටයුතු රාත්‍රි නවය දක්වා සිදු කෙරේ. පෙ.ව. 7.30 සිට 8.15 දක්වා උදේ ආහාර විවේකයත් ප.ව. 12.15 සිට 2.30 වනතුරු දිවා ආහාර විවේකයත් ලැබෙන අතර පෙ.ව. 10.30ට සහ ප.ව. 5.00ට තේ විවේකය ලැබේ. රාත්‍රි ආහාරයෙන් පසුව පෙ.ව. 10.00 දක්වා පසු දිනට සූදානම් වීම් සිදු කෙරේ.

සිසු සිසුවියන් සඳහා වෙන වෙනම ආරක්‍ෂිත නවාතැන් පහසුකම් ඇත. ආහාර පාන සපයන අතර සිසු සිසුවියන්ට මුළුතැන්ගෙට ගොස් තමන්ට අවශ්‍ය තරම් කෑම බෙදා ගැනීමට ඉඩ හැර ඇත. දිනපතාම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙනු ලැබේ.

පන්තියට ඇතුළත් කර ගැනීමේ වයස් හෝ අධ්‍යාපන සීමාවක් නොමැත. එහෙත් බඳවා ගනු ලබන්නේ ඉංග්‍රීසි ඉගෙනීමට සැබෑ අවශ්‍යතාවක් ඇති, වේලාවට වැඩ කිරීමට කැමැති කුඩා කණ්ඩායමක් පමණි.

ක්‍රිකට් ගැසීම, ටීවී බැලීම, දුරකථනයේ නිතරම එල්ලී සිටීම, අනෙක් ළමයින්ගෙන් කොපි කිරීම සිසුනට තහනම්ය.

පන්තිය ආරම්භ වී පළමු දින හතර තුළ ආයතනයේදී කතා කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි උගන්වනු ඇත. එදිනෙන් පසුව එකිනෙකා සමඟ සිංහලෙන් කතා කිරීම සිසුනට තහනම් වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිසි පරිදි නොයෙදෙන, අනෙක් අයට කරදරයක් සේ හැසිරෙන අයව එවලේම ආපසු යවනු ඇත.

ඉගෙනුම් කාලය පැය 500කි. පාඨමාලා ගාස්තුව රු. 40,000කි. ඉංග්‍රීසි බැරිකම නමැති ජීවිතකාලීන ගැටලුව ස්ථිරවම විස¼දා ගැනීමට මෙම පන්තියට ඇතුළු වන්නකුට ආහාර, නවාතැන්, සාහිත්‍ය පොත් ලැබී ඉගෙනුම් පැයකට වැය වන්නේ (40,000 ¤ 500) රු. 80ක් වැනි සුළු මුදලක් පමණි. මුල සිටම සරලව ඉගැන්වෙන මෙම පාඨමාලාව අවසන් වනවිට පොතක් පරිවර්තනය කිරීමේ මට්ටම දක්වා ගෙනඑනු ලබයි. සාහිත්‍ය රසවිඳීම ඉගැන්වේ.

සියලු ඉගැන්වීම් කටයුතු කරන්නේ බුද්ධදාස හේවගේ මහතා විසින් පමණි. වෙනත් ගුරුවරයකු හෝ සහායකයකු නොමැත.

මෙම පාඨමාලාව මුදල් ඉපැයීම නොව අනාගත ලෝකයට අවශ්‍ය සිතන්නට හැකි නායකයන් බිහි කිරීම අරමුණු කරගත් එකකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon