හැමෝම පුතේ අල ගෙනාවනේ

  👤  3882 readers have read this article !
By mawbima 2018-05-27

හතර වටේටම ගං වතුර ගලලා කියලා ලැබුණු ආරංචියට ඔන්න පොං සහ පිං ඩබල උදේ පාන්දරම පාරට බැස්සා මිනිස්සුන්ට උදවු කරන්ඩ කියලා.
"අෑ... බං පොං අයියේ අර බලහන්කෝ කැලණි ඉවුරේ සෙනඟ පොරකන හැටි....?
"අනේ..... අසරණයෝ... මේ සීයේ...... මොකෝ මේ කට්ටිය පොරකන්නේ......?
"අනේ පුතේ, අපි මේ සීනි කෙසෙල් ගේනකල් බලන් ඉන්නවා......!
"කවුද සීයේ......?
"සුජී පුතා...... අපිට ඉතින් කෙසෙල් ගෙඩියක් හරි ගෙනල්ලා දෙන්නේ ඔය කොලුවා විතරයිනේ......!
"එතකොට අනිත් අය......?
"හැමෝම පුතේ අල ගෙනාවනේ......!
"මොන අල ද සීයේ......?
"කැරට් අලනේ පුතේ......!
එහෙම කියපු සීයා සෙනඟත් එක්කම බලන් හිටියා සුජීගේ කෙසෙල් බෝට්ටුව එනකල්......
"පිං මලේ සේදවත්ත කෝවිලේ දේව කන්නලව්වක් තියෙනවලු. ගං වතුරෙන් බේරෙන්න......! ඔන්න ඉතින් දෙන්නත් ගියා දේව කන්නලව්වට සහභාගි වෙන්ඩ.
"අනේ...... සතර වරන් දෙවිවරුනි..... මේ ගැත්තන්ට අනුකම්පා කරලා මේ ගංවතුර 2020 ජනවාරිවලට රිවස් කළ මැනව.... රිවස් කළ මැනව.....!
"එම්බල නරය...... තොප ගං වතුර පහව යන ලෙසට ඉල්ලන්නේ නැතිව එය 2020ට කල් දාන්න යැයි කරන ඉල්ලීම කිම......?
"දේවයන් වහන්ස මේ වන විට ගං වතුර නිසා හැට හුටාමාරක් නන්නත්තාර වී ඇත. අපට කිසිම පිළිසරණක් ද නැත......!
"ඉතිං කළ යුත්තේ කිම......?
"දේවයන් වහන්ස 2020 සිරිලංකා නමැති කොමඩි කන්ටි්‍රයේ ඉලෙක්ෂොන් දෙකක්ම ඇත. ඒ කාලයේ ගංවතුරක් ආවොත් අපිට හෝල් සේල් ආධාර ගත හැකිය.
"ඒ...... මන්ද නරය......?
"ඡන්ද කාලෙට ඕනෑ තරම් අපිට හාල් ද පොල් ද ටකරන් ද සිල් රෙදි ද අරවා ද මේවාද ලැබෙන්නෙයි...... ඉතින් දෙවියනි එන්න තියෙන ගංවතුර, නියඟ, සුළි සුළං සියල්ල ඡන්ද කාලෙට ලබාදෙනු මැනව......!
"නරය...... එවිට......?
"එවිට උන්ද ගොඩය...... මෝඩ අපි ද ගොඩය......! එහෙම කියපු මිනිස්සු ටලං...... ටලං...... සලං...... කියලා ගෙජ්ජි සොලවන්ට පටන් ගත්තා.
"බුදු සන්තෝ මොකද බං අර වැලි කොට්ට, පත ලෑලි, තහඩු අරන් මහ සෙනඟක්......?
"යකඩෝ යුද්ධයකට වගේනේ...... බලමු අහලා...... මේ මල්ලි මෙච්චර සෙනඟක් ඇයි......? ඔහේලා කවුද......?
"මෙතැන ඉන්නවා රත්නපුර, කළුතර, පුත්තලම, ගම්පහ අෑයෝ වගේම කැලණි පාලමේ, නාගලම් වීදියේ මිනිස්සු වගේම රට පුරාම මිනිස්සු......!
"අප්පා...... මේ වැලිකොට්ටත් අරන්......
"වලවේ, කළු, නිල්වලා, කැලණි ගංගාවලින් අපි මාර පරිප්පුවක් කන්නේ......
"ඉතින් ඔය මොනවැයි කොරන්න හදන්නේ......?
"දුප්පත් අපිට දුක් දෙන්ඩ එන මේ ගංගා ටික වැලිකොට්ට දාලා හරවනවා මාවිල් ආරු හැරෙව්වා වගේ......
"හත්වලාමයි...... කොහාටද......?
"වෙන කොහාටද දියවන්නාවට මිසක්.
"යකඩෝ...... ඒ මොන එහෙකටද?
"225ම කෙළවෙලා යන්න......!
"අ....පෝ...යි... ඒ මොනා කළාටද...
"මෙච්චර කාලයක් අපියි, රටයි දෙකම කෑවාට......! එහෙම කියපු මලයා සෙනඟත් එක්ක වැලි කොට්ට ගහන්න පටන් ගත්තා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon