ශ්‍රී ලනිප 16 දෙනාගේ යෝජනා ඒකාබද්ධයේ නායක රැස්වීමට

  👤  3695 readers have read this article !
By mawbima 2018-05-27

දෙනගම ධම්මික රණවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලනිප 16 දෙනාගේ කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනා ලබන අඟහරුවාදා (29දා) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කොට ඒ පිළිබඳ තීරණයක් ගැනීමට කටයුතු යොදා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (23දා) පැවැත්විණි. එම මන්ත්‍රිවරුන්ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීම, ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම ආදී යෝජනා රැසක් ගැන එහිදී අවධානය යොමු වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon