සනත් නිශාන්ත හිරේ සිටීම සාධාරණ නෑ

  👤  3744 readers have read this article !
By mawbima 2018-05-27

ජේ.ටී. ද සිල්වා,පහන් විජේසේකර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මාස තුනක් තිස්සේ බන්ධනාගාරගත කර සිටීම අනුමත නොකරන බවත් අධිකරණ ඇමැතිතුමියද එය අනුමත නොකරන බව තමා සමඟ පැවැසූ බවත් කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත්, යළිත් අධිකරණ ඇමැතිතුමිය සමඟත් සාකච්ඡා කරන බව සඳහන් කළ කථානායකවරයා, සහෝදර මන්ත්‍රිවරයකු මුහුණපා ඇති මෙම සිද්ධිය ගැන තමාටද දැනෙනවා යැයිද සඳහන් කළේය.

දැනට වසර හතරකට ඉහත ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ පෙනී නොසිටීම නිසා එම මන්ත්‍රිවරයා මේ අන්දමට අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කිරීම සාධාරණ නොවන බව සඳහන් කළ කථානායකවරයා මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරන බව සභාවට දැනුම් දුන්නේය.

සනත් නිශාන්ත මන්ත්‍රිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන අසාධාරණ අන්දමට දිගින් දිගටම බන්ධනාගාරයේ රඳවා සිටින බැවින් ඔහු නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් කථානායක කරු ජයසූරිය එසේ පැවැසීය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඔබතුමාට පුළුවන්ද නඩු අහන්න. මේක උසාවියක් නෙවෙයි. පාර්ලිමේන්තුවට පුළුවන්ද නඩු අහන්න. කථානායකතුමාට පුළුවන්ද නඩු අහන්න. මේ පාර්ලිමේන්තුවට අධිකරණ කටයුතුවලට මැදිහත්වෙන්න බැහැ. ඔබතුමා උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව මඟින් අධිකරණයට බලපෑම් කරන්නද..?

කථානායක

මෙතැන අසාධාරණයක් වී ඇති බව අධිකරණ ඇමැතිතුමියත් පිළිගත්තා. මම නැවතත් කතා කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon