පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බැඳුම්කර පිටු තුන්දාහේ සල්ලි ගත්තු අයගේ නම් තියෙනවා--දයාසිරි

  👤  3686 readers have read this article !
By mawbima 2018-05-27

ජේ.ටී.ද සිල්වා - පහන් විජේසේකර

"පාර්ලිමේන්තුවේදී අපි අර්ජුන මහේන්ද්‍රන්ව, අර්ජුන් ඇලෝසියස්ව රකින්න ගියේ නැහැ. අපි ඔවුන්ව අද රකින්නෙත් නැහැ. හෙට රකින්නෙත් නැහැ.

අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්" යැයි හිටපු ඇමැති දයාසිරි ජයසේකර පෙරේදා (25දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"බැඳුම්කර කොමිෂන් වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති පිටු තුන්දහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත්, අර්ජුන මහේන්ද්‍රන්ගෙන් හෝ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයන් කවුදැයි දැනගැනීමට හැකිවනවා" යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති එම කොමිෂන් සභා වාර්තාවේ පිටු තුන්දහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මන්ත්‍රිවරයා මූලාසනයෙන් ඉල්ලීමක්ද කළේය.

එම පිටු තුන්දහසේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගේ නම්ද ඇතුළත්ව ඇතැයි මන්ත්‍රිවරයා පැවැසීය.

චෙක්පතක් සම්බන්ධයෙන් කරුණු දැක්වූ මන්ත්‍රිවරයා මේ කියන චෙක් එක තමාගේ නමට ලියාපු චෙක්පතක් නොවන බවත් කවුරු මාරු කළා දැයි තමා සොයා බැලුවත් කවුද එය දුන්නේ යන්න තමාට අමතක බවත් ඒ වෙලාවේ මැතිවරණ කටයුතුවලට මේ චෙක්පත මාරුකර ඒ මුදල් ටික ලබාගෙන ඇති බවත්, පැවැසූ ඒ මහතා මෙසේද කීය.

මේ බැඳුම්කර ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා මම පොත් ගැහුවේ නැහැ. පොත් ලිව්වෙත් නැහැ. කෝප් කමිටු වාර්තාව නවත්වන්න උසාවි ගියෙත් නැහැ. හැබැයි, අද මේ වැඩපිළිවෙළ තුළ සම්පූර්ණයෙන්ම මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඒක සිද්ධ වුණේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණු විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මම ඡන්දය දුන්නු නිසයි.

මේ අවස්ථාවේදී මා තවත් කරුණක් කියන්න කැමැතියි. අනුර දිසානායක මැතිතුමාටත් මේ සිද්ධිය මතක ඇති කියලා මා හිතනවා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඛ්ධනඥ එකේ පරීක්ෂණය පැවැත්වුණු එක් දිනකදී ඒ පරීක්ෂණය යන අතරතුර මට ඛ්චතත එකක් ආවා. මට කිව්වා, අගමැතිතුමා කතා කරනවා කියලා. මම එතුමා සමඟ කතා කළා. ඒ අවස්ථාවේදී එතුමා මට කතා කරන්න හේතුව වුණේ මොකක්ද..? එතුමා මට කථා කරන්න විනාඩි කිහිපයකට කලින් ඛ්ධනඥ එකේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වෙන අතරතුරදී මම ඇහුවා මේ ගනුදෙනුවේදී සෘජු ක්‍රමයේ සිට වෙන්දේසි ක්‍රමයට යන්න තීන්දුව ගත්තේ කවුද කියලා. ඒ තීන්දුව ගත්තේ කවුද කියලා මම අහනකොට අනෙක් පැත්තේ සිටි හර්ෂණ රාජකරුණා මැතිතුමාත්, ඒ වාගේම අජිත් පී. පෙරේරා මැතිතුමාත් යන දෙදෙනාම කිව්වා, මේක ආණ්ඩුව හැටියට අගමැතිතුමා ගත් තීන්දුවක් කියලා. මම කිව්වා අගමැතිතුමාට එහෙම තීන්දු ගන්න බැහැයි කියලා. එහෙම තීන්දුවක් ගැනීමේ හැකියාව තිබෙන්නේ කාටද කියලා මම ඇහුවා. ඒ හැකියාව තිබෙන්නේ මුදල් මණ්ඩලයට. ඒ මුදල් මණ්ඩලයේ බලය අගමැතිවරයාට හෝ ආණ්ඩුවට පාවිච්චි කරන්න බැහැයි කියලා මම කිව්වාම ඒ දෙදෙනාම එතැනින් ඉවත් වුණා. ඒ දෙදෙනා එතැනින් ඉවත් වෙලා ගිහිල්ලා අගමැතිතුමා හම්බවෙලා අගමැතිතුමා ලවා මට ඛ්චතත එකක් දුන්නා. එතුමා මට කතා කරලා ඇහුවා "දයාසිරි මොකක්ද මේ කතාව" කියලා. එතුමා කතා කළේ පහළ තිබුණු ර්ථීඩධදඥ එකට. එතුමා මට කතා කරලා කිව්වා "මේ කතාව මොකක්ද, මේ සෘජු ක්‍රමය වෙන්දේසි ක්‍රමයට මම ගෙනාවා. මම ඒක ගෙනාවේ අපේ ආණ්ඩුවේ තීන්දුවක් අනුව" කියලා. මම කිව්වා "සර්, එහෙම තීන්දුවක් ගන්න බැහැ"යි කියලා. මට කිව්වා "ඛ්චද කධභ චඵඬ ටපධථ ර්චතඪඬ? -මලික් සමරවික්‍රම මහත්තයාගෙන් අහන්න කියලා. එතකොට අපි මේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු, ඇමැතිවරු විධියට ඛ්ධනඥ එකේ තිබුණු සාධාරණ පරීක්ෂණයේදී ඒ පරීක්ෂණය නිවැරැදිව කර ගන්න අවශ්‍ය කටයුතු කරන කොට අගමැතිතුමා මට කතා කරලා කිව්වේ එහෙමයි. නමුත් අපි බොහොම ගෞරවයෙන් එතුමාගේ ඉල්ලීම පැත්තකට දමා අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා. මතක තබා ගන්න, අපි ඒවා රකින්න ගියේ නැහැ. මේ පාර්ලිමේන්තුවේදී අපි අර්ජුන මහේන්ද්‍රන්ව, අර්ජුන් ඇලෝසියස්ව රකින්න ගියේ නැහැ. අපි ඔවුන්ව අද රකින්නේත් නැහැ. හෙට රකින්නේත් නැහැ. ඒක මතක තබා ගන්න. එම නිසා අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. අපි හොරකම් කරලා නැහැ. අපි කාගෙන්වත් දේපළ ලියාගෙන නැහැ. එක එක්කෙනාට පෙනී සිටීම නිසා අපි ගෙවල් අරගෙන නැහැ. මතක තබා ගන්න. අපේ ඒ නිවැරැදි චරිතය අපට අදත් ආරක්ෂා කර ගන්න ඕනෑ. අපේ චරිතය ආරක්ෂා කර ගන්න අපට වුවමනායි. මේ ආණ්ඩුවෙන් එළියට ආ එක් එක් මන්ත්‍රිවරු දඩයම් කිරීමේ ක්‍රියාවලියක් දැන් ආරම්භ වෙලා තිබෙනවා. ටී.බී. ඒකනායක මැතිතුමාට විරුද්ධව දැන් ජ්ඛ්ධ්ච් එකේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඊළඟට දැන් මට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ අනුව අපි 16 දෙනාටම විරුද්ධව දවස ගණනේ මේ විදියට පැමිණිලි ගොනු වෙයි කියලා අපි හිතනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විධියට අපගේ හෘදය සාක්ෂියට අනුව නිවැරැදි තීන්දුවක් ගැනීම නිසා අද අපට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා."

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ විසර්ජන පනත යටතේ වූ යෝජනා සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon