ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව අනුව දිය යුතු අමතර වැටුප් වර්ධකය උපාධි ගුරුවරුන්ට නොදීමේ වරද නිවැරැදි කරන්න

  👤  4168 readers have read this article !
By mawbima 2018-05-28

උදයන්ති මුණසිංහ


ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව අනුව ලබාදිය යුතු අමතර වැටුප් වර්ධකය, වෘත්තීය පුහුණුව සහිත උපාධි ගුරු වර්ගවලට ලබා නොදීමේ වරද නිවැරැදි කරන ලෙස සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.


එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරම් පෙන්වා දෙන්නේ 2008 වසරේ සැප්තැම්බර් මස 8දා ශේ්‍රෂ්ඨාධිකරණය නිර්දේශ කළ පරිදි ඉදිරි වැටුප් සංශෝධනවලදී සුදුසු වැටුප් තලයන්හි තැබීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කළද එය ක්‍රියාත්මක නොවූ බවයි.


සාමාන්‍ය පරිදි උසස්වීම් ලබමින් 2 - ඪඪ, 2 - ඪ ශේ්‍රණිවලට හා පළමු පන්තියට පැමිණෙන සාමාන්‍ය උපාධි, පුහුණු, ඩිප්ලෝමා ගුරු වර්ගවලට පමණක් අමතර වැටුප් වර්ධකය ලබාදීමෙන්ද, එය වෘත්තීය පුහුණු උපාධි ගුරු වර්ගවලට ලබා නොදීමෙන්ද, මෙතෙක් මෙම ගුරු වර්ග අතර පැවැති වැටුප් පියවර පරතරය නැවත පියවර 1ක් පමණක් බවට පත් වීමෙන් වෘත්තීය පුහුණු උපාධි ගුරු වර්ගවලට අයුක්තියක් වන බව ඔහු සඳහන් කරයි. මෙම වරද නිවැරැදි නොකරන්නේ නම් මෙම කොමිසම මඟින් එම වෘත්තීය පුහුණු උපාධි ගුරු වර්ගවලට කරනුයේ බරපතළ අයුක්තියක් බවත් එම ගුරු වර්ග 2016 වසරට අදාළ රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛයෙහි වැටුප්තලවලට අන්තර්ග්‍රහණය කිරීමේදී ඉතා බරපතළ වැටුප් විසමතාවලට ගොදුරු වන අතර එය ඉතා ඛේදනීය තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.


ඒ වගේම 2006 වසරේ රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛය යටතේ පුහුණු හා උපාධි ගුරු වර්ග අතර පැවැති වැටුප් පියවර පරතරය පියවර 9ක් ලෙසට මෙම කොමිසම මඟින් 2014 සැප්තැම්බර් මස 11 දිනැති ලිපියෙන් අධ්‍යාපන බලධාරීන් වෙත ලබාදී ඇත්තේ වැරැදි පණිවිඩයක් බවත් එහි සත්‍ය පරතරය පියවර 6ක් වන අතර එය නිවැරැදි කිරීම කොමිසම සතු කාර්යය බවත් ඔහු සඳහන් කරයි.


පසුගිය වසර තුනක කාලය පුරා කළ ඉල්ලීම් මෙම කොමිසම මඟින් නොසලකා හැරීමෙන් ගුරු සේවයේ ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ටත් බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඔහු කොමිසමෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon