ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට විශේෂ නියෝජිත හමුවක් ජුනි 8දා පවත්වනවා

  👤  4091 readers have read this article !
By mawbima 2018-05-28

උපතිස්ස පෙරේරා


රජයේ විධායක නිලධාරීන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති, අගමැති, මුදල් හා ජනමාධ්‍ය ඇමැති සහ රාජ්‍ය පරිපාලන ඇමැති ඇතුළු වගකිවයුතු පර්ශ්වයන් වෙත අවස්ථා ගණනාවකදී ලිඛිතව කරුණු දක්වා ඇතිමුත් මේ දක්වා විසඳුමක් ලබාදීමට අපොහොසත්ව ඇති නිසා තම වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ගතයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු ගැනීමේ විශේෂ නියෝජිත සමුළුවක් ලබන මස 8දා කොළඹදී පැවැත්වීමට රජයේ දීපව්‍යාප්ත සේවා සහ සමාන්තර සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පියවර ගෙන තිබේ.


ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව ඇතැම් සේවාවන්ට පමණක් වැටුප් හා දීමනා වැඩිකිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, රජයේ විධායක නිලධාරීන්ගේ වාහන බලපත්‍රය කප්පාදු කිරීම හා රජයේ නිලධාරීන්ට අසාධාරණ ලෙස බදු පැනවීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් රජයේ දීපව්‍යාප්ත සේවාවන්ට හා සමාන්තර සේවාවන්ට අයත් විධායක නිලධාරීන් මේ වන විට බරපතළ වෘත්තීය ගැටලු ගණනාවකට මුහුණ පා ඇතැයි එහි ලේකම් එච්.ජී.එල්. උදයසිරි මහතා පවසයි.


රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් හට සිදුවී ඇති මෙම බරපතළ අසාධාරණය හා ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම එහි විධායක සභාව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු යැයි තීරණය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon