ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ නම ස්වාමි විවේකානන්ද ලෙස වෙනස් වෙයි

  👤  4105 readers have read this article !
By mawbima 2018-05-28

රු කාරියවසම්


කොළඹ පිහිටි ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සුප්‍රසිද්ධ ඉන්දීය දාර්ශනිකයකු සහ ආධ්‍යාත්මික නායකයකු වන ස්වාමි විවේකානන්දගේ නමින් නම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර ඇත.


1998 සිට ස්ථාපිත කොළඹ පිහිටි මෙම සංස්කෘතික මධ්‍යස්ථානය මෙතැන් සිට ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය - කොළඹ (ඉඍඛ්ඛ්) යනුවෙන් හැඳින්වෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.


දහනව වැනි සියවසේ ඉන්දීය සමාජ ප්‍රතිසංස්කරණයන් තුළ ප්‍රමුඛත්වය ගත් ස්වාමි විවේකානන්ද ගෝලීය වශයෙන්ද ගෞරව බහුමානයට ලක්වූ ආධ්‍යාත්මික නායකයෙකි. බටහිර ලෝකයට වේද ශාස්ත්‍රය සහ යෝග පිළිබඳ ඉන්දීය දර්ශනය හඳුන්වා දුන් ප්‍රමුඛයා වන්නේද ස්වාමි විවේකානන්දයි. රාමක්‍රිෂ්ණා දූත මෙහෙවරේ නිර්මාතෘවරයා වන්නේද එතුමාය. ලොව පුරා රටවල් ගණනාවක මානුෂික සේවා සිදුකරන රාමක්‍රිෂ්ණ දූත සේවය ශ්‍රී ලංකාවේද මහඟු සේවයක් සලසයි. එසේ හෙයින් ශ්‍රී ලංකාව හා සමීපව සබැඳුණු එමෙන්ම ඓතිහාසිකව අගයන ස්වාමි විවේකානන්දගේ මෙහෙවර සලකා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය එතුමා නමින් නම් කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon