ප්‍රවාහනය, භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ විශිෂ්ටතා සම්මාන සඳහා අයැදුම්පත්

  👤  4150 readers have read this article !
By mawbima 2018-05-28

හර්ෂනී අර්සකුලරත්න


ප්‍රවාහනය, භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ ජාතික විශිෂ්ටතා සම්මාන සඳහා අයැදුම්පත් භාරගැනීම මේ දිනවල සිදු කෙරෙන බව ප්‍රවාහනය, භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ වරලත් ආයතනය පවසයි. එම සම්මාන ප්‍රදානෝත්සවය ජූලි 17දා පැවැත්වීමටද එම ආයතනය කටයුතු යොදා තිබේ. පුද්ගල හා සංස්ථානික වශයෙන් කොටස් දෙකකින් යුතුව එම විශිෂ්ටතා සම්මාන පිරිනැමෙන අතර තෝරාගත් සිසුන් පිරිසකට ප්‍රවාහනය සහ භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ වැඩිදුරටත් හැදෑරීමට (උපාධි සහ ඩිප්ලෝමා) නොමිලයේ පහසුකම් සැලසීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයද මේ සම්මාන ප්‍රදානයට සමගාමීව සිදුවේ.


ඹඹඹ.ඛ්ඪතබඵත.ජධථ වෙබ් අඩවිය ඔස්සේ හෝ ලේකම් කාර්යාලය, ප්‍රවාහනය සහ භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ වරලත් ආයතනය ශ්‍රී ලංකා, නො. 450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයෙන් හෝ ඒඤථඪද@ඛ්ඪතබඵත.ජධථ යන ඊමේල් ලිපිනයෙන් හෝ 011-5657357, 077- 7579798 යන දුරකථන අංක ඇමැතීමෙන් හෝ ඉල්ලුම්පත් ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon