එල්ටීටීඊය උතුරෙන් පලවා හැරිය මුස්ලිම්වරුන් 30,000 යළි පදිංචි කිරීම ප්‍රශ්නයක්

  👤  4202 readers have read this article !
By mawbima 2018-05-28

ලක්ෂ්මි ජයකොඩි


යුද්ධය හේතුවෙන් 1990 වසරේ උතුරෙන් එල්ටීටීඊය පලවා හැරී මුස්ලිම් වැසියන් 30,000කට වැඩි පිරිසක් තවමත් යළි පදිංචි කිරීම සඳහා සිටින බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පෙන්වා දෙයි. එම කොංග්‍රසයේ මහලේකම් එස්. සුබර්දීන් මහතා 'ඉරිදා මව්බිම'ට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ 1990 වසරේදී ලක්ෂයකට ආසන්න මුස්ලිම් ජනතාවක් එල්ටීටීඊ සංවිධානය විසින් උතුරෙන් පලවා හැරිය බවත් මේ වනවිට මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් රටේ ඇතිව ඇති විරෝධතා හේතුවෙන් ඔවුන් යළි පදිංචි කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බවයි. එදා උතුරෙන් පලවා හැරුණු මුස්ලිම් ජනතාව මේ වනවිට දෙගුණයකටත් වඩා වැඩිවී සිටින බවත්, ඔවුන් මේ වනවිට පුත්තලම, අනුරාධපුර ප්‍රදේශවල අවතැන්වූවන් ලෙස ජීවත් වන බවත් ඒ මහතා සඳහන් කළේය.


මේ ජනතා සම්බන්ධයෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයා ප්‍රමුඛ අදාළ වගකිව යුතු සියලු බලධාරීන්ගේ අවධානය යොමු කොට තිබෙන බවද එහෙත් ඊට සාධාරණ විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවද සුබර්දීන් මහතා චෝදනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon