කිලිනොච්චියේදී නිධානයක් ගන්න හැදූ ලාංකිකයන් හතර දෙනකු සහ වීසා නැති ඉන්දීය ජාතිකයෝ තිදෙනෙක් මාට්ටු

  👤  4132 readers have read this article !
By mawbima 2018-05-28

මුලතිව් - ශෂිකුමාර්,
ඕමන්ත - ශේෂලා අමරසිංහ


කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් වසමට අයත් රාමනාදපුරම් ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් තිදෙනකු හා ලාංකිකයන් සිවු දෙනකු නිධානයක් ගැනීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ධර්මපුරම් පොලිසිය පියවර ගෙන ඇත.


රාමනාදපුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වූ අදාළ ඉන්දීය ජාතිකයන් තිදෙනා සහ ඇඹිලිපිටිය, හෝකන්දර, අම්බලන්ගොඩ හා මිනුවන්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචි ලාංකිකයන් සිවුදෙනා මෙසේ රාමනාදපුරම් ප්‍රදේශයේ නිධානයක් වෙනුවෙන් පූජාවක් කිරීමට සැරසෙන අතරතුර ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මේ පිරිස ඉකුත්දා (24දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනා වීසා නොමැතිව අනවසරයෙන් රැඳී සිට ඇති බවටද ධර්මපුරම් පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. නිධානය ගැනීමට පෙර සිදු කළ පූජාවට යොදා ගත් පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරීක්‍ෂණ සිදු කරන ධර්මපුරම් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon