හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය දියගල සිට ගිනිගත්හේන තෙක් වැසේ

  👤  4189 readers have read this article !
By mawbima 2018-05-28

ආරියරත්න ගනේගොඩ


අධික වර්ෂාවත් සමඟ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල මංසන්ධියේ සිට ගිනිගත්හේන නගරය දක්වා ස්ථාන කිහිපයක පවතින නාය යෑමේ අවදානම හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දැමූ බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සරත් සමරවික්‍රම මහතා 'මව්බිම'ට පැවැසීය.


හැටන් සිට කොළඹ දක්වාත්, කොළඹ සිට හැටන් දක්වාත් ගමන් ගන්නා සියලුම වාහන ගිනිගත්හේන කළුගල නෝර්ටන්බි්‍රජ් හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.


තවද හැටන් සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන හැටන් - කොටගල, පතන නාවලපිටිය හරහා ධාවනය කරවන ලෙසද පොලිසිය දැනුම් දී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon