ඉන්දියාවේ සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබුවැයි

  👤  4033 readers have read this article !
By mawbima 2018-05-28

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ


ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරා දැම්මේ යැයි ඉන්දියාවට විරෝධය පාමින් උතුරේ විරෝධතා වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇත.


යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි මේ විරෝධතා වැඩසටහන් සංවිධාන කොට ඇත. මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ආත්මයන් වෙනුවෙන් ශාන්තිය පතා පහන් දැල්වීමටද විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබිණි.


මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි මේ විරෝධතා පැවැත්වීමට ප්‍රදේශවාසීන් රැසක් විසින් පියවර ගෙන තිබූ අතර කිලිනොච්චිය කන්දසාමි කෝවිල් ඉදිරිපිට හා යාපනය වඩමාරච්චි ප්‍රදේශයන්හි ප්‍රදේශවාසීන් රැසක් විසින් මේ විරෝධතාවන් සිදු කෙරිණි.


ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදි කෙරුණු රසායනික කම්හලක් වසා දමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවකදී ගම්වාසීන් විසින් ප්‍රචණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලිසියේ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 13 දෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති හෙයින් වහාම ඉන්දීය රජය විසින් සාධාරණ පරීක්‍ෂණයක් සිදුකොට ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා මේ විරෝධතාවන් සංවිධානය කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon