මම ඇලෝසියස්ලාගෙන් සල්ලි අරන් ඔවුන් රකින්න ගියේ නැහැ

  👤  4263 readers have read this article !
By mawbima 2018-05-28

''කුමක්ද සිදුවුණේද කියා මා දන්නේ නැති වුණාට, මේ චෙක්පත මාරු කර, ඒ මුදල් එදා පැවැති මැතිවරණ ව්‍යාපාරයට අරගෙන තිබෙනවා. මේ වගේම ප්‍රමාණයක් ගත් තව මන්ත්‍රිවරු ඉන්නවා'' යැයි හිටපු ඇමැති දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී පැවැසීය.


''බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ තවත් පිටු තුන්දහසක් තිබෙනවා. ඒවා ඉදිරිපත් කරන්න. ඒවා ඇතුළේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයගේ නම් තියෙනවා'' යැයිද මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවැසීය.


අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමකින් මන්ත්‍රිවරයකුට රුපියල් මිලියනයක චෙක්පතක් ලබාදී ඇති බවට එම මන්ත්‍රිවරයාට ආරක්‍ෂාව සැපයූ ආරක්‍ෂක නිලධාරියා ප්‍රකාශ කළ බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වූ බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් විසර්ජන පනත යටතේ වූ නියමයන් පිළිබඳ විවාදයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.


''ව්‍යාපාරිකයන් විදියට අවුරුදු ගණනක් ආශ්‍රය කරපු අය. හැම ඡන්දයකදීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විතරක් නොවෙයි පළාත් සභා මන්ත්‍රිවරුන්ට විතරක් නොවෙයි, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ටත් ගමේ ඉන්න මුදලාලිලා උදවු කරනවා. එහෙම තමයි මේ රටේ දේශපාලනය යන්නේ. ඒ නිසා සමහර ව්‍යාපාරිකයන් අපට උදවු කරනවා. ඒ උදවු අපට පළාත් සභා මැතිවරණවලදීත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලදීත් කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි ජනාධිපතිවරණයේදීත්, ජනාධිපති අපේක්‍ෂකයන්ට උදවු කරලා තිබෙනවා. එහෙම තමයි ව්‍යාපාරික ප්‍රජාව අපට උදවු කරලා තිබෙන්නේ.


දැන් මේ කියන කාලවකවානුව තුළ මම කෝප් කමිටු සාමාජිකයකු නොවෙයි කියන එක බොහොම පැහැදිලිව කියන්න කැමැතියි. ඒ වාගේම මම පාර්ලිමේන්තුවට පත් වුණේ 2015 අගෝස්තු 17. පාර්ලිමේන්තුවට තේරී පත් වුණාට පස්සේ බොහොම පැහැදිලිව බැඳුම්කර සිද්ධියට අර්ජුන මහේන්ද්‍රන් කරපු ඒ විනාශකාරී ක්‍රියාවට විරුද්ධවයි පාර්ලිමේන්තුවේත්, කෝප් කමිටුවේත් මම හැම අවස්ථාවකම පෙනී සිටියේ. වැදගත් වෙන්නේ අපි කවුරු වෙනුවෙන් පෙනී සිටියාද කියන කාරණයයි.


දැන් මේ කියන චෙක්පත මගේ නමට ලියපු චෙක්පතක් නොවෙයි. මේ චෙක්පත මගේ නමට ලියාපු නැති මුදල් චෙක්පතක්. මේ චෙක්පත් කොහෙන් කවුරු මාරු කළාද කියලා මමත් හොයලා බැලුවා. මටත් මතක නැහැ කවුද මේක දුන්නේ කියලා. අර්ජුන් ඇලෝසියස් හෝ වෙනත් කවුරුන් හරි අස්සන් කර තිබුණු එකක්ද, මොකක්ද සිද්ධ වෙලා තිබුණේ කියලා මම දන්නේ නැහැ. මේ චෙක්පත මාරු කරලා ඒ මුදල් ටික අපි අරගෙන තිබෙනවා. ඒ වෙලාවේ මැතිවරණ කටයුතුවලට කවුරුන් වුණත් කරන්නේ ඒකයි. හැබැයි මේ විදියට අපේ මන්ත්‍රිවරු ගණනාවකට උදවු කරපු කට්ටිය තව ඕනෑ තරම් ඉන්නවා. ඕනෑ නම් මා ළඟ විස්තර තිබෙනවා.''


අනුර දිසානායක,
''කවුද ඒ?''


දයාසිරි ජයසේකර,


කියන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටු 3,000ක් විතර තිබෙනවා. ඒ වාර්තාවේ ඉතිරි ටිකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන්න. ඒක ඇතුළේ තිබෙනවා අර්ජුන් ඇලෝසියස්ලාගෙන් මුදල් ගත්තේ කවුද කියන එක. අපි අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන අර්ජුන් ඇලෝසියස්ලාව ආරක්‍ෂා කරන්න කටයුතු කරලා නැහැ කවදාවත්. අදත්, හෙටත් අපි ඒ කටයුත්තට මැදිහත් වෙලා තිබෙනවා.


ඒ විතරක් නොවෙයි මේ බැඳුම්කර ගනුදෙනුව ආරක්‍ෂා කිරීම සඳහා මම පොත් ගැහුවේ නැහැ. පොත් ලිව්වෙත් නැහැ. කොප් කමිටු වාර්තාව නවත්වන්න උසාවි ගියෙත් නැහැ. අර්ජුන් ඇලෝසියස්ලා වෙනුවෙන් මම පෙනී සිටියෙත් නැහැ. පෙනී ඉන්නෙත් නැහැ. හැබැයි අද මේ වැඩපිළිවෙළ තුළ සම්පූර්ණයෙන්ම මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. ඒක සිද්ධ වුණේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මම ඡන්ද දුන්නු නිසයි.
දැන් අපි මේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. එම නිසා ඊයේ - පෙරේදා ටී.බී. ඒකනායක මැතිතුමාට විරුද්ධව නඩුවක් ගේනවා. ඒ නඩුව මොකක්ද? එතුමා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා විදියට කාලයක් කටයුතු කළා. රටේ බුද්ධාගම පෝෂණය කොට ආරක්‍ෂා කළ යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙද්දී, බුද්ධාගම ආරක්‍ෂා කර ගැනීම උදෙසා පෙරහරකට වාහනයක් දුන්නා කියලා තමයි ටී.බී. ඒකනායක මැතිතුමාව අද වෙනකොට ජ්ඛ්ධ්ච් එකට කැඳවා තිබෙන්නේ. තව ටික දිනකින් ඒ තැන්වලට අපත් කැඳවයි. ඒකට මුහුණ දෙන්න අපි සූදානම්. කිසි ගැටලුවක් නැහැ.


මේ අවස්ථාවේදී මා තවත් කරුණක් කියන්න කැමැතියි. අනුර දිසානායක මැතිතුමාටත් මේ සිද්ධිය මතක ඇති කියලා මා හිතනවා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඛ්ර්ණීර්ථීඡ් එකේ පරීක්‍ෂණයක් පැවැත්වුණු එක් දිනකදී ඒ පරීක්‍ෂණය යන අතරතුර මට ඛ්චතත එකක් ආවා. මට කිව්වා අගමැතිතුමා කථා කරනවා කියලා. මම එතුමා සමඟ කථා කළා. ඒ අවස්ථාවේදී එතුමා මට කථා කරන්න හේතුව වුණේ මොකක්ද? එතුමා මට කතා කරන්න විනාඩි කිහිපයකට කලින් ඛ්ර්ණීර්ථීඡ් එකේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්‍ෂණය පැවැත්වෙන අතරතුරදී මම ඇහුවා මේ ගනුදෙනුවේදී සෘජු ක්‍රමයේ සිට වෙන්දේසි ක්‍රමයට යන්න තීන්දුව ගත්තේ කවුද කියලා. ඒ තීන්දුව ගත්තේ කවුද කියලා මම අහනකොට අනික් පැත්තේ සිටි හර්ෂණ රාජකරුණා මැතිතුමාත්, ඒ වගේම අජිත් පී. පෙරේරා මැතිතුමාත් යන දෙදෙනාම කිව්වා මේක ආණ්ඩුව හැටියට අගමැතිතුමා ගත් තීන්දුවක් කියලා. මම කිව්වා අගමැතිතුමාට එහෙම තීන්දු ගන්න බැහැයි කියලා. එහෙම තීන්දුවක් ගැනීමේ හැකියාව තිබෙන්නේ කාටද කියලා මම ඇහුවා. ඒ හැකියාව තිබෙන්නේ මුදල් මණ්ඩලයට. ඒ මුදල් මණ්ඩලයේ බලය අගමැතිවරයාට හෝ ආණ්ඩුවට පාවිච්චි කරන්න බැහැයි කියලා මම කිව්වාම, ඒ දෙදෙනාම එතැනින් ඉවත් වුණා. ඒ දෙදෙනා එතැනින් ඉවත් වෙලා ගිහිල්ලා අගමැතිතුමා හම්බ වෙලා අගමැතිතුමා ලවා මට ඛ්චතත එකක් දුන්නා. එතුමා මට කතා කරලා ඇහුවා ''දයාසිරි, මොකක්ද මේ කථාව'' කියලා. එතුමා කථා කළේ පහළ තිබුණු නඩධදඥ එකට. එතුමා මට කථා කරලා කිව්වා, ''මේ කථාව මොකක්ද? මේ සෘජු ක්‍රමය වෙන්දේසි ක්‍රමයට මම ගෙනාවා. මම ඒක ගෙනාවේ අපේ ආණ්ඩුවේ තීන්දුවක් අනුව'' කියලා. මම කිව්වා ''සර් එහෙම තීන්දුවක් ගන්න බැහැ'' කියලා. මට කිව්වා ''ඛ්චද රධභ චඵඬ ටපධථ ර්චතඪඬ? - මලික් සමරවික්‍රම මහත්තයාගෙන් අහන්න'' කියලා.


එතකොට අපි මේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු, ඇමැතිවරු විදියට ඛ්ර්ණීර්ථීඡ් එකේ තිබුණු සාධාරණ පරීක්‍ෂණයේදී ඒ පරීක්‍ෂණය නිවැරැදිව කර ගන්න අවශ්‍ය කටයුතු කරන කොට අගමැතිතුමා මට කථා කරලා කිව්වේ එහෙමයි. නමුත් අපි බොහොම ගෞරවයෙන් එතුමාගේ ඉල්ලීම පැත්තකට දමා අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා. මතක තබා ගන්න අපි ඒවා රකින්න ගියේ නැහැ. මේ පාර්ලිමේන්තුවේදී අපි අර්ජුන මහේන්ද්‍රන්ව, අර්ජුන් ඇලෝසියස්ව රකින්න ගියේ නැහැ. අපි ඔවුන්ව අද රකින්නෙත් නැහැ. හෙට රකින්නෙත් නැහැ. ඒක මතක තබා ගන්න. එම නිසා අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්.


අපි හොරකම් කරලා නැහැ. අපි කාගෙන්වත් දේපළ ලියාගෙන නැහැ. එක එක්කෙනාට පෙනී සිටීම නිසා අපි ගෙවල් අරගෙන නැහැ. අපේ ඒ නිවැරැදි චරිතය අපට අදත් ආරක්‍ෂා කර ගන්න ඕනෑ. අපේ චරිතය ආරක්‍ෂා කර ගන්න අපට වුවමනායි. මේ ආණ්ඩුවෙන් එළියට ආ එක් එක් මන්ත්‍රිවරු දඩයම් කිරීමේ ක්‍රියාවලියක් දැන් ආරම්භ වෙලා තිබෙනවා. ටී.බී. ඒකනායක මැතිතුමාට විරුද්ධව දැන් ජ්ඛ්ධ්ච් එකේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඊළඟට දැන් මට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ අනුව අපි 16 දෙනාටම විරුද්ධව දවස ගණනේ මේ විදියට පැමිණිලි ගොනු වෙයි කියලා අපි හිතනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විදියට අපගේ හෘද සාක්‍ෂියට අනුව නිවැරැදි තීන්දුවක් ගැනීම නිසා අද අපට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා.


එවකට 'ලංකා ඊ- නිවුස්' වෙබ් අඩවියේ හිටපු සඳරුවන් සේනාධීර මහතා තමයි දැන් මේවා ලියන්නේ. මෙච්චර කාලයක් බැඳුම්කර ගනුදෙනුවට අවශ්‍ය කරන කාරණා ගැන එක වචනයක් ලිව්වේ නැහැ. හැබැයි දයාසිරි ජයසේකරගේ මේ කාරණය අහුවුණාම එයා ලියන්න පටන් ගන්නා. කවුද එයාට සල්ලි දෙන්නේ කියලා මම දන්නවා. අද නැඟිටගන්න බැරිව ඇඳක් උඩට වෙලා ඉන්න කෙනා තමයි දැන් අපට මඩ ගහන්නේ. මේ ලංකා 'ඊ - නිවුස්' වෙබ් අඩවි කාර්යාලයට ගිනි තියනකොට දයාසිරි ජයසේකර එදා හිටියේ විපක්‍ෂයේ. ඒ අයව බේරා ගන්න කඩුවෙල උසාවියට ගිහිල්ලා උසාවියේ පෙනී සිටියේ දයාසිරි ජයසේකර, ශිරාන් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න කියන අයයි. මේ ක්‍රියාදාමය තුළ අපට මඩ ගැසීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. අපි ඒවාට බය වෙන්නේ නැහැ. මේ චෝදනාව දැන් දාලාත් තිබෙන්නේ අරගෙන ගිහිල්ලා ගරාජ් එකකට දුන්නා කියලා. ගරාජ්වලට දීලා අපි කවදාකවත් සල්ලි මාරු කරගෙන නැහැ. ඒ නිසා මම බොහෝම පැහැදිලිවම කියනවා අදාළ චෙක්පත මගේ නමට තිබිච්ච චෙක්පතක් නොවන බව. මේක ජචඵඩ ජඩඥඳභඥ එකක්. මුදල්මය චෙක්පතක්. මැතිවරණවලදී ඔවුන් අපට උදවු කරලා තිබෙනවා. හැබැයි ඔවුන්ගේ හොරකම් වහන්න පෙරළා අපි ඔවුන්ට උදවු කරන්න ගිහිල්ලා නැහැ.


ඒ නිසා බොහොම පැහැදිලිව කියන්න කැමැතියි හැම මැතිවරණයකදීම මේ පාර්ලිමේන්තුවට එන හැම කෙනකුටම ව්‍යාපාරිකයන් උදවු කරලා තිබෙන බව. ඒ ව්‍යාපාරිකයන් උදවු කරපුවාම සමහර අය ඒ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි අපි ඒ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. ඒ නිසා අපේ ගෞරවය අපි ආරක්‍ෂා කරගෙන තිබෙනවා. අපි එක එක්කෙනාගේ මුදල් අරගෙන එක එක්කෙනා වෙනුවෙන් පෙනී සිටින අය නොවෙයි. ඒ නිසා අපේ චරිතය ඝාතනය කරන්න උත්සාහ කරන සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව කියන්න කැමැතියි මේ රටේ ජනතාව වැඩි කල් යන්න කලින් ඒ අවශ්‍ය කරන නිවැරැදි පිළිතුර ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරයි කියලා. එවැනි විශ්වාසයක් තියාගෙන විපක්‍ෂයේ ඉඳගෙන මේ ආණ්ඩුව කරන හැම වැරැදි වැඩකටම විරුද්ධව කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.

ඒක අපි නතර කරන්නේ නැහැ. එක සිර ගෙදරක නොවෙයි සිර ගෙවල් 10ක දැම්මත් අපි මේ රට නිවැරැදි කරන දේශපාලනය නතර කරන්නෙත් නැහැ. එය අතහරින්න සූදානමකුත් නැහැ. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම්.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon