ජනාධිපතිගේ ලේකම් වරයෙක් අල්ලස් දැලට කොටු වුණේ තණ්හාව නිසා පගා සල්ලි ටික ගණන් කර-කර සිටියදී

  👤  4738 readers have read this article !
By mawbima 2018-05-28

කෝටි ගාණක් පගාව ගන්න ගිහින් පසුගිය දවස්වල ජනාධිපතිතුමාගේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරිවරයා අත් කර ගත්ත ඛේදවාචකය බලන්න. ඒ මනුස්සයා සල්ලිවලට කොච්චර තණ්හාද කියලා කියනවා නම් එතැන ඉඳලා සල්ලි ගණන්කර ඉද්දී අහුවෙන්නේ. ගත්ත පගාවෙත් රුපියල් දාහක්වත් අඩුද කියලා බලන්න ඇති. ඒ තමයි එයාගේ කර්මය පල දෙන්න එයාගේ දුබලකම. ගැන්නේ නැතිව මල්ල පිටින් ගත්තා නම් අහු නොවෙන්නත් ඉඩ තිබුණා. කාර් පාක් එකේ තියන් පගා සල්ලි ටික ගණින්න තරම් කොච්චර මුග්ධ තණ්හාවක්ද කියලා හිතෙනවා. ඔබ තේරුම් ගන්න ධනය කොච්චර මිනිසුන්ට ලැබුණත් ඇති වීමක් නෑ. තණ්හාව මිනිසා විනාශයටම ගෙන යනවා' මහියංගණ ඔරුබැඳිවැව මධ්‍ය මහා විද්‍යාලයට වසර 70ක් සපිරීම නිමිති කර ගනිමින් ඉකුත් දා පැවැති ධර්ම දේශනයේදී ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමියෝ පැවැසූහ.


එහිදී මාවරලේ භද්දිය හිමියන් මෙසේද කීහ.


කහවණු වැස්සක් වැස්සත් මිනිසුන්ට ඇතිවීමත් නෑ. නවයේ සිට දහය වෙනකම් පන්දාහේ කොළ වැස්සක් වැස්සත්. දහයට හරියටම පන්දාහේ කොළ වැස්ස නතර වුණත් මිනිසුන්ට මොනවා හිතෙයිද? හරි හොඳයි දැන් ඇති ගෙදර යන්න පුළුවන් කියලා හිතෙයිද? නැත්නම් උඩ බලාගෙන ඉඳියිද තව එකක්වත් වැටෙයිද කියලා. ස්ථීරවම අපේ අය තවත් උඩ බලාගෙන ඉඳියි. ඒ වගේ තත්ත්වයකදී පවා අපේ මනස ඇති කියලා කියන්නේ නෑ. මදිමයි හිතෙන්නේ. අපේ තණ්හාවේ ආශාවේ හැඟීම්වල වහල්ලු වුවහොත් හැම තිස්සේ අපිට හිතෙන්නේ ඇති කියලා නෙවෙයි මදි කියලාමයි. පිරිලා කියලා හිතෙන්නේම නෑ. හිස් කියලාමයි හිතෙන්නේ. මදි කියලාමයි හිතෙන්නේ. ඒක සපුරා ගන්න යන හැම මොහොතකම මිනිස්සු ඉන්නේ අසහනයෙන්. අන්න ඒකයි අර රජයේ ප්‍රධානම ස්ථානයක සේවය කළ මාණ්ඩලික නිලධාරිවරයාටත් වුණේ. භාග්‍යවතුන් වහන්සේ අපට වදාරලා තියෙන්නේ සප්ත ආර්ය, ධනය උතුම් ධන හතරක් රැස්කර ගන්න කියලා අවධාරණය කරන්නේ අන්න ඒ හිස් බව දුරුකර ගන්නයි. සිංහල ජාතිය ලැජ්ජා නැති ජාතියක් බවට පත්වෙලා තියෙනව. අම්මලා දුවලාට ඇඳුම් අන්දගෙන පාරේ යන හැටි දැක්කාම අපිට සතුටු වෙන්න බෑ. අපි ඉස්ලාම් අයට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. හැබැයි තමන්ගේ දුවලාට ඇඳුම් අන්දගෙන යන හැටි දැක්කාම අපි ඒ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි තියෙන්නේ මල් තියලා වඳින්න. කොච්චර හොඳට දුවලා හදාගෙන තියෙන්නේ කියලා. අද ඒ දුවලා කිසි කෙනෙක් දූෂණය වෙනවාද? නෑ නේද? එයාලා කිසිම අපයෝජනයකට ලක් වෙනවාද? නෑ ඇයි ඒ? කිසිම කාම සංඥාවක් ඇති වෙන්නේ නෑ.

ඇඳගෙන ඉන්න ඇඳුමේ හැටියට. අපේ ළමයින්ට මවුපියෝ චූටි කාලේ ඉඳලා අන්දන ඇඳුම් මොනවාද? අපේ චූටි ගැහැනු දරුවෝ දූෂණය වෙන්නේ තාත්තාගේ අතින් බාප්පාගේ අතින්. මාමාගේ අතින්. ඒ ඇයි අන්දන ඇඳුමේ ඉඳලා උපදවන්නේ කාමය.


දැන් අලුතින් පටන් ගෙන තියෙනවා දණහිසට උඩින් ගවුම් ඇඳිල්ල. අලුත් අවුරුද්දෙන් පස්සේ ඇවිත් තියෙන්නේ ඒ අලුත් පැෂන් එක. අපිට පාරතොටේ යන කොට පේනවා මේ අයට විළි ලැජ්ජාව නෑ කියන එක. අම්මලාත් යනවා දෝණිඇන්දලාත් ඉස්සර කරගෙන හරි ආඩම්බරේට. මම නම් ඕකට යෝජනා කරන්නේ තමන්ගේ දරුවන් සල්ලාලයන්ගේ ගොදුරු බවට පත් කරන්න එපා කියලා. දුවකුට අඳින ඇඳුමෙන් තියෙන්න ඕන ලස්සන විතරක් නෙවෙයි. ආරක්ෂාවත් තියෙන්න ඕන.


මම මවුපියන්ට යෝජනා කරනවා දුවලාට රැකවරණය තියෙන සංවරය තියෙන, ආරක්ෂාව තියෙන ඇඳුම් අන්දවන්න කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon