පර්පචුවල් හිමිකරුත් ප්‍රධාන විධායක නිලධාරියාත් යළිත් රිමාන්ඩ්

  👤  4137 readers have read this article !
By mawbima 2018-05-28

අමිල අබේරත්න


ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට මූල්‍ය වංචාවක් සිදුකළැයි රක්‍ෂිත බන්ධනාගාර ගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලබන මස 7 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.


මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට සහ බැඳුම්කරවලට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදුකරන ලද 2015.01.01 සිට 2018.02.02 දක්වා කාල සීමාවේ ගනුදෙනුවලට අදාළ සියලුම දත්ත සහිත ලේඛන සිෆ්ට් මැනේජ් කොපි සහිතව අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස බැඳුම්කර ගනුදෙනුවලට ආදාළව මෘදුකාංග සපයා ඇති ලංකා ෆයිනෑන්ෂියල් බ්යුරෝ නමැති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


ඊට අමතරව බැඳුම්කර ගනුදෙනුවලට හා ගනුදෙනුකරුවන්ට අදාළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කොළඹ පාක්ලන්ඩ් නමැති ගොඩනැඟිල්ලේ පිහිටි කාර්යාලයේ ඇති ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ද පර්පචුවල්
ටෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන අයට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා මහෙස්ත්‍රාත්වරිය අදාළ නියෝග නිකුත් කළ අතර අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් කළ තවත් ඉල්ලීම් කිහිපයක් සලකා මහෙස්ත්‍රාත්වරිය තවත් නියෝග කිහිපයක් නිකුත් කළාය.


ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගම උපයාගත් මුදල් එයට සම්බන්ධ වෙනත් සමාගම්වලට බැර කර තිබේද නැද්ද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ආදායම් වියදම් ඇතුළත් වාර්තාවක් ලේඛන සහිතව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට අනුබද්ධ සමාගමක් වන වෝල්ටර් ඇන්ඩ් රෝ නමැති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම ඇතුළු මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වන වෝහාරික විගණනයක් සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ආයතන වන පර්පචුවල් ඇන්ඩ් මැනේජ්මන්ඩ් ලිමිටට්, පර්පචුවල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ්, පර්පචුවල් හෝල්ඩින්ස් ලිමිටඩ්, ඩබ්ලිව්.එච්. මෙන්ඩිස්, පර්පචුවල් ලිමිටඩ් යන ආයතන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ 2015.01.01 සිට 2018.02.02 දින දක්වා සිදුකර ඇති ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලේඛන සහිත වාර්තාවක් වහාම අපරාධ
ඵපරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද එහි ප්‍රධාන විධායක නිලධාරීන්ට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


පර්පචුවල් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටීම මත මහෙස්ත්‍රාත්වරිය පර්පචුවල් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට නිකුත් කළ එම නියෝගය පර්පචුවල් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයාට නිකුත් කෙරිණි.


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අනුබද්ධ ආයතනයක් වන වෝල්ටර් ඇන්ඩ් රෝ නමැති ආයතනය මඟින් නිකුත් කළ මිලියනයක මුදල් චෙක්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් චෙක්පත මාරුකර මුදල් කරගෙන ඇති බවට අදාළ මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති ප්‍රකාශයක් අනුව තහවුරු වී ඇති බව ද නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මාරු කර ඇති සහ නිකුත් කර ඇති චෙක්පත්වලට අදාළව සිදුකර ඇති බැංකු කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ චෙක්පත් ගෙන යෑමේ සහ හුවමාරු කටයුතු සිදුකර ඇති සර්ටිස් ලංකා නමැති ආයතනයට ඒ සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට එහි ප්‍රධාන විධායක නිලධාරියාට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය සලකා බැලීමෙන් අනතුරුව අදාළ විස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට මහෙස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.
නඩුව ලබන මස 7 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon