මවක සහ ඇගේ දරු දෙදෙනා මරා පුලුස්සා වළ දැමූ පොඩි මහත්තයාට මරණ දඬුවම

  👤  4155 readers have read this article !
By mawbima 2018-05-28

මිනුවන්ගොඩ - අතුකෝරල


අයුතු යෝජනාවට අකැමැති වූ 21 හැවිරිදි දෙදරු මවක සහ ඇයගේ කුඩා දරු දෙදෙනා ගෙල සිරකර ඝාතනය කර පුලුස්සා වළ දැමීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණීය දණ්ඩනය නියම කළේය.


2000 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී වීරඟුල හෙට්ටිඟුගුල ප්‍රදේශයේදී 21 හැවිරිදි හොරතල් පේඩිගේ චමිලා පද්මිනි සහ ඇයගේ 07 හැවිරිදි විජේසිංහ පේඩිගේ සමිත් මදුමාල් සහ මාස 08ක් වයසැති විජේසිංහ පේඩිගේ මදුෂානි යන තිදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 54ක් වූ ලියනගේ නිමල් ජයතිලක හෙවත් පොඩි මහත්තයා නමැත්තාට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි.


2000 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා සිට නිවෙසින් අතුරුදන්ව සිටි තිදෙනා සම්බන්ධයෙන් වීරඟුල පොලිස් ස්ථානයේ 2006 වර්ෂයේ සිටි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක සනත් මගලේගොඩ මහතාට
ලද නිර්නාමික ලිපියක් මත කළ
පරීක්ෂණවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon