තරුණියකගේ කුෂ්ඨ රෝගයක් සුව කිරීමට අමුතු වෙදකමක් කළ වෙදා රිමාන්ඩ්

  👤  4325 readers have read this article !
By mawbima 2018-05-28

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර


තරුණියකගේ කුෂ්ඨ රෝගයක් සඳහා බෙහෙත් කිරීමට රෝගියාගේ ඥාතියකු විසින් කල්මුනේ - අට්ටාලිංචියේ සිට ගෙන්වන ලද වෙදකු විසින් ඇගේ රහස්‍ය ප්‍රදේශ අත පත ගාමින් කරන ලද අපූරු වෙදකමක් හේතුවෙන් කාන්තා හිංසනයට වරදකරු වූ 53 හැවිරිදි වෙදා පලා යෑමට උත්සාහ කරද්දී හෙම්මාතගම ප්‍රධාන බස් නැවතුම්පොළේදී පොලිසිය මඟින් පසුගිය 25 වැනිදා පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.


වෙදාගේ හිංසනයට ලක්ව ඇත්තේ හෙම්මාතගම රෝහල ආසන්නයේ 23 හැවිරිදි මුස්ලිම් අවිවාහක තරුණියක බව හෙම්මාතගම පොලිසිය පවසයි. සිද්ධියට චෝදනා ලැබූ 53 හැවිරිදි ඉබ්රාන් ෂරුක්දීන් යන අය ජුනි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට 26 වැනිදා මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරු මහෙස්ත්‍රාත් රූපිකා සමරසේකර මහත්මිය නියෝග කළාය.


සිද්ධියට මුහුණ පෑ තරුණියගේ ශරීරයේ තැන් කිහිපයක පැවැති සුව නොවන කුෂ්ඨ රෝගී තත්ත්වය කාලයක් තිස්සේ පැවැතීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් බෙහෙත් කළ හැකි දක්ෂ වෙදකු සම්බන්ධයෙන් අසල්වාසී ඥාතියකු පවසා ඇත. ඒ අනුව එම වෛද්‍යවරයාගෙන් බෙහෙත් කිරීමට තරුණියගේ මවුපියන්ද සහෝදරයන්ද එකහෙළා කැමැත්ත දීම හේතුවෙන් ඥාතියා විසින් අදාළ වෛද්‍යවරයා ගෙන්වා තිබේ. ඥාතියා පවසා ඇත්තේ මීට පෙරද ඔහුගේ පවුලේ කිහිපදෙනක්ගේද රෝගී තත්ත්වයන්ට අදාළ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ලබා ගැනීමෙන් සුව වූ බවයි.


වෛද්‍යවරයා විසින් නූලක් සාත්තු කොට තවත් ශාන්තිකර්මයන් කීපයක්ද කර මුදල්ද ලබාගෙන දෙවැනි දිනයේ රෝගී තරුණියගේ ශරීරයේ බෙහෙත් ගෑමට අවශ්‍ය බව පවසා තිබේ. ඔලිව් තෙල් සහ තවත් බෙහෙත් කොළ අඹරා ඒ සමඟ එම ක්‍රියාව සිදුකළ යුතු බවද පැවසූ පසු රෝගී තරුණියගේ මව එම කටයුත්ත සිදු කිරීමට තමන්ට හැකි බව පවසමින් කැමැත්ත ලබා දුන්නත් වෛද්‍යවරයා ඊට එකඟතාව පළ කර නැත්තේ රෝගී තරුණියට යක්ෂයකුද ඇඟට ආරූඪ වී ඇති බව පවසා ඔවුන්ව බියගන්වමිනි.


ඒ අනුව ඒ කටයුතු කිරීමට සිය කැමැත්ත මවුපින් විසින් වෛද්‍යවරයා වෙත ලබාදීම නිසා දෙවැනි දින නිවෙසට පැමිණි වෛද්‍යවරයා නිවෙසේ එළිමහනේ කාමරයක් තෝරා එහි ‍ෙදාරකඩ අසලින් කාන්තාව කාමරයට ඇතුළු කර ඇය හාන්සි කිරීමෙන් පසු ඔහු ‍ෙදාරකඩ අසල සිට තෙල් බෙහෙත් ගෑම අරඹා තිබේ. ඊට පෙර ඔහු නිවැසියන්ට පවසා ඇත්තේ යකා දැන් පැන දුවන බැවින් පෙනෙන තෙක් මානයක නොසිටින ලෙසයි. ඒ අනුව බියට පත් නිවෙසේ සිටි අය එම ස්ථානයෙන් පිටමං වී තිබේ.
තරුණියගේ බෙහෙත් තෙල් ගෑම ආරම්භ කොට මුලින්ම ළය ප්‍රදේශය ස්පර්ශ කළ වෛද්‍යවරයා ඇගේ දෙපාවල නියපොතුවල සිට බෙහෙත් තෙල් ගෑම ආරම්භ කොට දණහිස් කලවා අතපත ගාමින් පසුව ලිංග ප්‍රදේශයන්ද අතපත ගෑම සිදුකර සිය වෛද්‍ය කටයුතු අවසන් කර තිබේ.


දෙවැනි දිනයේ ගාස්තුව වශයෙන් රුපියල් 5,000ක මුදලක් අත්තිකාරම වශයෙන් ලබාගෙන ඔහු නිවෙසින් පිටව ගොස් ඇති අතර තරුණිය ඒ පිටව ගිය වෛද්‍යවරයා තමාට බෙහෙත් කළ අන්දම නෑනාට පවසා තිබේ. ඇය විසින් මේ සිද්ධිය නිවෙසේ අයට පවසා හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර ඇත.
හෙම්මාතගම පොලිස් නිලධාරීන්
ක්ෂ්ණිකව අදාළ වෙදා සොයා හෙම්මාතගම නගරය විමර්ශනය කරද්දී හෙම්මාතගම ප්‍රධාන බස් නැවතුමෙන් මාවනැල්ල හරහා කල්මුණේ දක්වා යෑමට සූදානම් බසයක් පැමිණෙන තෙක් බලා සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො.සැ. චන්ද්‍රා (1066), කාන්තා පොලිස් කොස්තාපල් ධම්මිකා (2042), පොලිස් කොස්තාපල් රියැදුරු 34261 යන මහත්ම මහත්මීහු වැටලීමට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon