ඇවිදීමේ තරගවල ශූරතා පදක්කම් උතුරු මැදට හා දකුණට යයි

  👤  4106 readers have read this article !
By mawbima 2018-05-28

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගවලදී පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට උතුරු මැද පළාත නියෝජනය කළ අයි.එස්.එස්. දුනුකාර සමත් වූ අතර කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දකුණු පළාත නියෝජනය කළ පී.බී. ගයානි විසින් දිනා ගැනීමට සමත් වූවාය.


කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඊයේ (27දා) පැවැති මෙම තරගාවලියේ පිරිමි අංශයේ දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ එස්.එන්. අප්පුහාමි විසින් සහ තුන්වැනි ස්ථානය දකුණු පළාතේ එස්.සී. බංගමුවගේ විසින්ද දිනා ගන්නා ලදී. තවද කාන්තා අංශයේ දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ යූ.වී.කේ. මධූරිකා විසින් දිනා ගනිද්දී එහි තුන්වැනි ස්ථානය දකුණු පළාතේ එච්.ඩී. දිල්හානි විසින් දිනා ගත්තාය.


මේ අතර මෙම තරගාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාව උතුරු මැද පළාතටත් කාන්තා අංශයේ කණ්ඩායම් ශූරතාව දකුණු පළාතටත් හිමි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon