ධනංජයගේ පියාගේ අවසන් කටයුතු අද

  👤  4126 readers have read this article !
By mawbima 2018-05-28

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියානන් වන රන්ජන් ද සිල්වා මහතා හදිසි අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසානභූමියේදී අද (28දා) සවස 1.00ට සිදු කිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය මේ වන විට අංක 100/6, මුහුදු වෙරළ පාර, රත්මලාන යන ලිපිනයේ තැන්පත් කර ඇත. රත්මලාන ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී පසුගිය 24 වැනිදා රාත්‍රියේදී සිදුවූ එම වෙඩි තැබීම හේතුවෙන් රන්ජන් ද සිල්වා මහතා මියගිය අතර තිදෙනකු තුවාල ලබා තිබිණි. 62 වැනි වියේ පසුවූ රන්ජන් ද සිල්වා මහතා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ද වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon