20 ගැන තීරණය 30වැනිදා ගන්නවා

  👤  4130 readers have read this article !
By mawbima 2018-05-28

ඉෂාරා සිල්වා,
බළපිටිය - දම්සරී ලියනගේ,
අහුන්ගල්ල - ඒ. සිවනෙත්ති


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් ලබන බදාදා (30දා) ඒකාබද්ධ විපක්ෂයේ...පක්ෂ නායකයන් රැස්වී තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (26දා) බළපිටියේදී ප්‍රකාශ කළේය.


මෙම යෝජනාව සැබෑ ලෙසම එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද, එහි සැබෑ වුවමනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්ද යන්න පිළිබඳවද මෙහිදී සොයා බලන බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.


මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.


විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න ජනතා විමුක්ති පෙරමුණ පනතක් ගෙනාවා. සමහර අය මේ ගැන නොයෙක් කතා කියනවා. මේවා කොහෙන්ද එන්නේ කියලා අපි සොයා බලන්න ඕනෑ. මේ වෙලාවේ ගේන්නේ ඇයිද කියන එකත් සොයා බලන්න ඕනෑ. අපි ලබන බදාදා (30දා) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා. මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සොයා බලනවා. අපි සෑම විටම තීන්දු ගන්නේ රට ගැන හිතලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon