තවත් තරුණ කණ්ඩායමකට වගකීම් බාර දෙනවා

  👤  4028 readers have read this article !
By mawbima 2018-05-28

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර


තවත් තරුණ කණ්ඩායමක් වෙත පක්‍ෂයේ වගකීම් බාර දීමට කටයුතු කරන බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අලුත් තරුණ කණ්ඩායමක් වෙත මේ වනවිට පක්ෂයේ වගකීම් භාර දී තිබෙන බව පවසන එජාප නායකයා ඉදිරියේදී තවත් එවැනි තරුණ පිරිසකට පක්‍ෂයේ වගකීම් භාරදීම සඳහා නව තනතුරු කිහිපයක් ඇති කිරීමට පියවර ගන්නා බව සඳහන් කරයි.


මේ සතියේ පැවැත්වීමට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම පවසයි.
පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී ඊළඟ මාස තුන තුළ විශාල වැඩකොටසක් ඉටුකිරීමට තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon