රාගම කඩවලින් කප්පම් ගත් කොටුවේ කොස්තාපල් රිමාන්ඩ්

  👤  4188 readers have read this article !
By mawbima 2018-05-28

කොටුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකු රාගම ප්‍රදේශයේ වෙළෙඳසල්වලින් අල්ලස් ගනිමින් සිටියදී රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඉකුත් 25දා සවස රාගම නගරයට පැමිණ ඇති මේ පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ මිතුරකු සිගරැට් අලෙවි කරන වෙළෙඳසල් වෙත ගොස් සිගරැට් දැල්වීම සඳහා ගින්දර ලබාදීම නීති විරෝධී බව පවසා වෙළෙන්දන් බිය ගන්වා ඇත.


අනතුරුව නීති මඟින් කටයුතු නොකිරීම සඳහා මුදල් ඉල්ලා තිබේ. ඒ අනුව එක් වෙළෙඳසලකින් රුපියල් 15,000ක්ද තවත් වෙළෙඳසලකින් රුපියල් 7,000ක්ද ලබාගෙන ඇත.
තවත් වෙළෙඳසලකින් එලෙස මුදල් ඉල්ලා සිටියදී මොවුන් ගැන සැක සිතූ වෙළෙඳසල් හිමිකරු එය පොලිසියට දන්වා මොවුන්ව අත්අඩංගුවට පත්කිරීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ සිය බිරිය ගැබිනියක් බවත් ආර්ථික අපහසුකම් නිසා එලෙස කළ බවත්ය.


පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ මිතුරා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි මස 31දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon