පර්පචුවල් සමාගම 166 දෙනකුට කෝටි 119ක චෙක් දීලා

  👤  4246 readers have read this article !
By mawbima 2018-05-28

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයන් 166 දෙනකුට චෙක්පත් හරහා ඍජුවම ලබාදුන් මුදල් වටිනාකම රුපියල් මිලියන 1190ක් වන බවත් එකී 166න් රුපියල් මිලියනයක් මන්ත්‍රි දයාසිරි ජයසේකරට ලබා දුන්නේ නම් ඉතිරි 165 දෙනා කවුරුන්දැයි වහාම හෙළි කළ යුතු බවත් 'දූෂණ විරෝධී හඬ' කැඳවුම්කරු වසන්ත සමරසිංහ අවධාරණය කරයි.


මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ චෙක්පත් මාරු කළ මන්ත්‍රි දයාසිරි ජයසේකර රටට හෙළි කළේ ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව ගිය නිසා දැයි සමරසිංහ මහතා ප්‍රශ්න කරයි.
එකී වංචාවෙන් ඉපැයූ මුදල් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ 'මෙන්ඩිස් හා රෝ' යන සමාගම්වල ගිණුම්වලට බැරකර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් පැවැසුවේ අදාළ චෙක්පත් මාරු කළ පුද්ගලයන් අතර ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ද සිටින බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon