දිස්ත්‍රික්ක 20ක් තවමත් අනතුරේ

  👤  4068 readers have read this article !
By mawbima 2018-05-28

දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (27දා) පස්වරුව වනවිට 23ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයන් 05 දෙනකුද, දියේ ගිලීම් හේතුවෙන් 12 දෙනකුද, ගස් අතු කඩා වැටීමෙන් 03 දෙනකුද, තද සුළං හේතුවෙන් දෙදෙනකුද මෙලෙස මියගොස් ඇති බවය.


මේ වනවිට පීඩාවට පත් වී ඇති පවුල් ගණන 43,604 වන අතර පුද්ගලයන් සංඛ්‍යාව 1,66,228ක් වේ.


අවතැන් වූ පවුල් 19,519කට අයත් පුද්ගලයන් 75,013 දෙනකු ආරක්ෂිත ස්ථාන 339ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.
මේ අතර කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් රතු නිවේදනය තවදුරටත් වලංගු වන බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.


වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ තවමත් දැදුරු ඔය වාන්‍ෙදාරටු 06ක් සහ රාජාංගණ ජලාශයේ වාන් ‍ෙදාරටු 02ක් විවෘත කර ඇති බවයි.
පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජාලශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (28දා) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.
දිවයින හරහා පැයට කිලෝමීටර 50ක පමණ වේගයෙන් විටින්විට හමායන තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස¼දහන් කළේය.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.
කළු ගඟේ මිල්ලකන්ද හා පුටුපවුල ප්‍රදේශවල සහ අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon