හතරදෙනකු බේර ගන්න දිවි පිදූ ඩිලාන් සැරයන් තනතුරට

  👤  4037 readers have read this article !
By mawbima 2018-05-28

මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි කාන්තාවක් ඇතුළු දරුවන් තිදෙනකු බේරා ගැනීමට ගොස් දිවි පිදූ මාදම්පේ පොලිසියේ කොස්තාපල් ඩිලාන් සම්පත් (88587) මහතාගේ වීර වික්‍රමාන්විත ක්‍රියාව සැලකිල්ලට ගනිමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඔහුව පොලිස් සැරයන් තනතුරට ඊයේ (27දා) උසස් කර තිබේ.


ඔහු සැඩපහරට ගසාගෙන ගිය ස්ථානයට මීටර් 200ක් පමණ දුරින් වූ උඩලවෙල ප්‍රදේශයේ තිබී ඊයේ පෙරවරු 7.00ට පමණ ඔහුගේ මෘත දේහය හමු විය.
ඉකුත් 25 වැනි දින 11.35ට පමණ පොලිස් කොස්තාපල්වරයා ගංවතුරේ සැඩපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබිණි.


පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ ඩිලාන් සම්පත් මහතාගේ මෘත දේහය සොයා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබිණි.
ඩිලාන් සම්පත් මහතා මාදම්පේ පොලිසියට අනුයුක්තව බුද්ධි අංශයේ කටයුතු කළ නිලධාරියෙකි.


ගිරිඋල්ල, මල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඩිලාන් සම්පත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28දා) දින පොලිස් ආචාර මධ්‍යයේ සිදු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon