‘මුහුණුපොත’ මඟින් සම්බන්ධ වී වේයන්ගොඩ ලැගුම්හලක මත්ද්‍රව්‍ය උපන්දින පාටියක් දැමූ 54 දෙනෙක් දැලේ

  👤  509 readers have read this article !
By mawbima 2018-05-28

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයකු මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී පෙරේදා (26දා) ත්‍රිරෝද රථයක හා වෙළෙඳසලක ගැටීමෙන් අනතුරුව පොලිස් අණ නොතකා ධාවනය කිරීම නිසා වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ එම පුද්ගලයා මෙම නිලධාරීන් දෙදෙනාට පහරදී ඇති අතර පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මුහුණුපොත හා සම්බන්ධ වී වේයන්ගොඩ කුරීකොටුව ප්‍රදේශයේ ලැගුම්හලක උපන්දින සාදයකට සම්බන්ධ වූ බව පොලිසියට පවසා ඇත. මොහුගෙන් ලද තොරතුරු අනුව ඉකුත් 26 වැනිදා පොලිසිය එම ස්ථානය වටලා ඇති අතර, එහිදී තරුණයන් 54 දෙනකු හා තරුණියන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැගුම්හල පරීක්‍ෂාවේදී කංසා, විවිධ මත්පෙති වර්ග හා මත්වන පැණි විශේෂයක් සොයාගත් අතර හෙරොයින් පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒවා හමු වී නොමැත. එයට අමතරව උපත් පාලන කොපුද සෝදිසියේදී හමුවී තිබේ. කාමර පරීක්‍ෂාවේදී එක තරුණියක හා තරුණයන් හතරදෙනා බැගින් සිට ඇති බව පොලිසිය පැවැසීය. ගම්පහ, ජා-ඇළ, මාතර, කෑගල්ල, කඩුවෙල හා මීගමුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක තරුණයන් මෙහි සිට ඇති බවට අනාවරණය වී තිබේ. මෙම තරුණියන් අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ද සිටි බවට පොලිසිය අනාවරණය කරයි. මෙම ලැගුම්හල නීතිඥයකුට අයත් එකක් බව කියැවේ.

මෙහිදී අනතුරක් කිරීම, අණ නොතකා ධාවනය කිරීම, බීමත්ව රිය පැදවීම යන කරුණු මත එම රියැදුරාට එරෙහිව නඩු පැවරීමටත් තරුණියක ඇතුළු තවත් හය දෙනකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (27දා) ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබිණි.

අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති සුජීව ද සිල්වා මහතා ඇතුළු උ.පො.ප. සමන්ත කුමාර, පො.සැ. බණ්ඩාර (4113), පො.සැ. ශාන්තිලාල් (26444), පො.කො. සිරිවර්ධන (899), ඒකනායක (33939), උඩුගම (21360), දර්ශන (32824), නන්දසිරි (55464), ප්‍රියදර්ශන (35446), නිශාන්ත (38551), කාන්තා පො.කො. ඉනෝෂා (4998), අත්තනායක (4190), පොලිස් කොස්තාපල් රියැදුරු නුවන් (16967) මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon