මහසොහොන් බළකායේ නායකයාට බන්ධනාගාර රෝහලේදී ප්‍රහාරයක්

  👤  598 readers have read this article !
By mawbima 2018-05-28

ආරියරත්න ගනේගොඩ, කුමුදු උපුල් ශාන්ත

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට අනුරාධපුර බන්ධනාගාර රෝහලේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙලෙස පහර දීම සිදුකර ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ඔෟෂධ සංයෝජකයකු බවද අනාවරණය වෙයි.

පහරකෑමෙන් තුවාල ලැබූ අමිත් වීරසිංහ පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

පසුගියදා මහනුවර ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහසොහොන් බළකායේ අමිත් වීරසිංහ මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සැකකාර ඔෟෂධ සංයෝජකවරයා වාරියපොළ බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට පියවර ගත් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon