පාරිභෝගික සේවා විමර්ශන නිලධාරීන් අද සිට අකුරට වැඩ

  👤  572 readers have read this article !
By mawbima 2018-05-28

උපතිස්ස පෙරේරා

සමස්ත ලංකා පාරිභෝගික කටයුතු අධිකාරි විමර්ශන නිලධාරීන්ගේ සංගමය එම අධිකාරියේ ජාතික සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වැටලීම් කටයුතු අත්හිටුවා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියා මාර්ගයක් අද (28දා) පෙරවරු 8.30 සිට ආරම්භ කරන බව විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශාන් යාපාරත්න මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 9 වැනිදා කොළඹ ජාතික ඇස් රෝහලේ ආපනශාලාවේදී කරන ලද වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ තේ කොළ තොගයක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම ආපනශාලා කළමනාකරුට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස බලපෑම් කිරීම, එම බලපෑම් නොතකා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමෙන් පසු ඉකුත් 23දා එම වැටලීම් මෙහෙයවූ විමර්ශන නිලධාරි ලංකා දික්කුඹුර මහතාට අසභ්‍ය වචනයෙන් බැන මරණීය තර්ජන කිරීම සම්බන්ධයෙන් අසේල සම්පත් නමැත්තාට එරෙහිව මේ දක්වා නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව යාපාරත්න මහතා පවසයි.

මේ පිළිබඳව එම සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර මහතා ඉකුත් 23දා කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිලි කළද මෙතෙක් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවත්, මේ හේතුවෙන් දිවයින පුරා වැටලීම් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග අඩාල වන බවත් හෙතෙම සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon