රංගේ බණ්ඩාරගෙන් දයාසිරිට අභියෝගයක්

  👤  656 readers have read this article !
By mawbima 2018-05-28

බැඳුම්කර ගනුදෙනුවේදී මුදල් ලබා ගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීම දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට පැවරෙන වගකීමක් බව පවසන වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම නීතිඥයකු ලෙස ඔහුට එම වගකීමෙන් මිදී සිටීමට කිසිදු හැකියාවක් හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බව කියයි.

මේ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි විවිධ පුද්ගලයන්ට අභියෝග කිරීම පසෙක තබා තමන් සතු තොරතුරු වහාම රටට ඉදිරිපත් කරන ලෙසද ඔහු දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම මෙන්ඩිස් සමාගමේ නියෝජිතයන් ලෙස සම්බන්ධ වී සිටින මන්ත්‍රිවරුන් කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු හෙළි කරන ලෙසද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon